ඉන්දියාවේ සිම්ලා නුවර පැවති 30 වන දකුණු ආසියානු යොවුන් (කනිෂ්ඨ) මේස පන්දු තරගාවලියේදී රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගනිමින් සමස්ත තරගාවලියේ අනු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් ලබන ජූනි මාසයේ ඕමානයේ පැවැත්වෙන ආසියානු මේස පන්දු තරගාවලිය සඳහා ද සුදුසුකම් ලබාගෙන ඇත.
අවුරුදු 15න් සහ 19න් පහළ කාන්තා හා පිරිමි අංශ නියෝජනය කළ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (අප්‍රේල් 13) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර, එහිදී ඔවුන්ව ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය. කලාපීය රටවල් 05ක සහභාගීත්වයෙන් අප්‍රේල් 08 සිට 11 දක්වා මෙම තරගාවලිය පැවැත්වුණි.














