තරුණ ජනගහනයට දරුවන් හදාගැනීමට ඇති අවශ්‍යතාවය සහ අවධානය ක්‍රමික අඩුවෙමින් යන බව ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථියින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය මනෝරි වීරතුංග පවසනවා. මෙම තත්ත්වය අනාගතයේ රටේ ජනගහන තත්ත්වයන්වලට බලපෑමක් විය හැකි බවයි මහාචාර්යවරිය සඳහන් කළේ.
“ගොඩක් වෙලාවට තරුණ ජනගහනයට තියනවා ලොකු කාර්ය භාරයක්. සමහර වෙලාවට තමන්ගේ දෙමව්පියෝ වියපත් භාවයට පත්වෙලා තියනවා. තව ආර්ථික ගැටළු තියනවා. ඒ නිසා මෙහොල්ලොන්ගේ අවධානය ගිලිහිලා ගිහිල්ලා තියනවා තමන්ට ලබාගන්න දරුවන් ප්‍රමාණය පිළිබඳව. මේක අනාගතයේ දී අවධානය යොමුකරන්න ඕන.”
ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථින්ගේ සංගමය විසින් පවත්වනු ලබන වාර්ෂික ජනගහන සම්මන්ත්‍රණය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී (27) ඊයේ ආරම්භ කෙරුණා. එම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථියින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය මනෝරි වීරතුංග මෙම අදහස් පළකලා.














