ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගණේගොඩ මහතාගේ පත්වීම මුල සිටම දැඩි ‘පරස්පර විරෝධී උනන්දුවක්’ (Conflict of interest) සහිත දෝෂ සහගත එකක් බව සමඟි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.
X (පෙර Twitter) සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ සරත් ගණේගොඩ මහතා පමණක් නොව, හේලීස් (Hayleys) සමාගමේ තවත් ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් පිරිසක් ද ගුවන් සේවා සහ සැපයුම් ක්ෂේත්‍රවල පවතින අතිච්ඡාදනය වන අවශ්‍යතා මත ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යන බවයි. මීට අමතරව හුලංගමුව මහතා සහ අර්නස්ට් ඇන්ඩ් යං (Ernst & Young) සමාගම සම්බන්ධයෙන් ද ප්‍රශ්න පැනනඟින බවත්, ඇතැමුන් තමා පක්ෂග්‍රාහී යැයි පවසනු ඇති බැවින් තමන් ඒ පිළිබඳව කිසිවක් නොපවසන බවත් ඔහු සඳහන් කර තිබේ. කෙසේ වෙතත් ආචාර්ය හෑන්ස් විජේසූරිය මහතා නිසි ලෙස සිය කටයුතු සිදු කරන බවට ද හර්ෂ ද සිල්වා මහතා සිය සටහන මඟින් ප්‍රශංසා කර ඇත.













