ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ගුවන්තොටුපළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම (AASL) ඉතිහාසයේ එක් මාසයක් තුළ හැසිරවූ වැඩිම මගීන් සංඛ්‍යාව වාර්තා කිරීමට සමත්ව තිබේ. ඒ අනුව 2026 වසරේ ජනවාරි මාසය තුළ මගීන් 1,045,097 දෙනෙකුට සේවා සැපයීමට ගුවන්තොටුපළ බලධාරීන් කටයුතු කර ඇත.
මෙය මීට වසර අටකට පෙර, එනම් 2018 වසරේ ජනවාරි මාසයේදී මගීන් 1,034,687 දෙනෙකු හසුරුවමින් තබා තිබූ පෙර වාර්තාව අභිබවා යාමකි. සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනය සහ මෙරට ගුවන්තොටුපළ පහසුකම් පුළුල් කිරීම මෙම සාර්ථකත්වයට සෘජුවම දායක වී තිබේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට එක් මාසයක් තුළ මගීන් මිලියනයක සීමාව මෙලෙස ජය ගැනීම ශ්‍රී ලංකාව කලාපීය ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට එන බව සනාථ කරන ප්‍රබල සාක්ෂියකි.














