ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා ඒකකය (High Performance Unit) වෙත වාර්තා වී ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ තරගයක් අතරතුර මෙම වේග පන්දු යවන ක්‍රීඩකයාගේ ඉරියව්ව මෙලෙස නිරීක්ෂණය වී තිබේ.
සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී අදාළ ක්‍රීඩකයාගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රමිතීන්ට අනුව පරීක්ෂණයක් පවත්වනු ලබන අතර, එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ක්‍රීඩකයාට පන්දු යැවීමේදී යම් සීමාවන් පැනවීමට හෝ නිවැරදි කිරීම් සඳහා උපදෙස් ලබා දීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කරනු ඇත.

















