ශ්‍රී ලංකාවේ උපත ලැබූ, ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රකට ව්‍යවසායිකා රොෂ් කුමාරසිංහ මහත්මියගේ ‘Beauty by Rosh’ සන්නාමය ලෝ ප්‍රකට ලන්ඩන් විලාසිතා සතියේ (London Fashion Week) ප්‍රධානතම රූපලාවන්‍ය නිර්මාණකරුවන් අතරට එක් වූ ප්‍රථම දකුණු ආසියානු සන්නාමය බවට පත්වෙමින් නව මිණුම් සලකුණක් තබා තිබේ. මෙම සුවිශේෂී අවස්ථාවේදී ලොව පිළිගත් රූපලාවන්‍ය නිර්මාණකරුවන් සිව්දෙනෙකු සමඟ කටයුතු කිරීමේ අවස්ථාව ද ඇයට හිමි වී ඇති අතර, මෙය දකුණු ආසියානු රූපලාවන්‍ය ක්ෂේත්‍රය ගෝලීය මට්ටමට රැගෙන යාමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. මැදපෙරදිග පවතින යුද වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලාංකික අනන්‍යතාවය ජාත්‍යන්තර විලාසිතා ක්ෂේත්‍රය තුළ ප්‍රදර්ශනය කිරීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.














