සෞදි අරාබියේ රියාද් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගර දක්වා අද පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියලුම ගුවන් ගමන් වාර අවලංගු කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය තාවකාලිකව විවෘත කිරීමත් සමඟ මගීන්ගේ පහසුව උදෙසා එමිරේට්ස්, ෆිට්ස් එයාර්, ෆ්ලයි ඩුබායි සහ සලාම් එයාර් යන ගුවන් සමාගම් මගින් විශේෂ ගුවන් ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය අවසර ලබා දී ඇත. මෙම විශේෂ මෙහෙයුම් හරහා අතරමංව සිටින මගීන්ට තම ගමනාන්ත වෙත යාමට අවස්ථාව සැලසෙනු ඇති බව බලධාරීන් විශ්වාසය පළ කරයි.














