දිට්වා (Diwah) සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ආරම්භ කර ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් විසින් රුපියල් 582,786 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ. ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩකයන් මෙරට ආපදා සහන කටයුතු වෙනුවෙන් මෙලෙස පෙරමුණ ගැනීම විශේෂත්වයකි.
ප්‍රවීණ ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ මහත්මිය ඇතුළු පිරිසක් විසින් මීට අදාළ චෙක්පත ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙම අවස්ථාවට නිම්මි ද සොයිසා, සුනිල් ගුණවර්ධන, නිලූකා කරුණාරත්න සහ කයිල් අබේසිංහ යන ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එක්ව සිටියහ.














