ඉරානය විසින් ඊශ්‍රායලයේ ඩිමෝනා (Dimona) නගරය ඉලක්ක කර එල්ල කරන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාරය සිය ජංගම දුරකථන මගින් වීඩියෝ කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරයි.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ආරක්ෂිත ස්ථාන කරා නොගොස් විවෘත ස්ථානවල රැඳී සිටිමින් දර්ශන පටිගත කිරීමට යාමේදී මිසයිල සුන්බුන් හෝ ප්‍රහාරයේ කම්පනය හේතුවෙන් මොවුන් මෙලෙස තුවාල ලබා ඇති බව වාර්තා වේ. තුවාල ලැබූවන් මේ වන විට ප්‍රදේශයේ රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව තානාපති කාර්යාලය නිරන්තර අවධානයෙන් පසුවෙයි. යුධමය වාතාවරණයක් පවතින අවස්ථාවලදී ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත්, අනවශ්‍ය ලෙස ජීවිත අවදානමට ලක් නොකරන ලෙසත් තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් යළිත් ඉල්ලා සිටියි.












