මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හමුවේ මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි. බහරේන් රාජධානියේ ශ්‍රී ලාංකිකයන් වෙසෙන නගරයකට ප්‍රහාරයක් එල්ල වුවද, ඉන් ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව නොමැති බව අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා ඇත.
අදාළ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර, හදිසි අවශ්‍යතා සඳහා විශේෂ දුරකතන අංකයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.














