• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් විචිත්‍රවත් උත්සව ඇඳුමකට පිවිසෙයි

19 January 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ විශාලතම නිමි ඇදුම් නිෂ්පාදනයන් සහ අලෙවිකරුවන් අතරින් ප්‍රමුඛත්වයක් දරන ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘Khayal’ නවීන විලාසිතා දැක්ම පෙබරවාරි 11 වන දින මහනුවර Earl’s Regency හෝටලයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එහි නිර්මාතෘ සහ සභාපති මාරියපිල්ලේ සෙල්වරාජ් මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ (18) වෙනි දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමිනි.

නවීනතම විලාසිතා, ආභරණ, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ නවීන ගෘහ අවශ්‍යතා සඳහා පාරිභෝගික විශ්වාසය දිනූ ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් 1993 වර්ෂයේදී කෑගල්ල ප්‍රදේශයේ සේවකයින් හතර දෙනෙකුගෙන් ආරම්භ කළ ව්‍යාපාර සන්නාමයකි. කෑගල්ල ප්‍රදේශයට සීමා නොවී වර්තමානයේ මහනුවර, කුරුණෑගල, මීගමුව, රත්නපුර සහ මාතලේ යන ප්‍රදේශවල ක්‍රියාත්මක ප්‍රදර්ශනාගාර තුළින් පුද්ගලයින් 2,000 කට අධික පිරිසකට රැකියා අවස්ථා සලසා දී ඇති බව සෙල්වරාජ් මහතා මෙහිදී පැවසීය.

සමාගම සිය අභිලාෂයන් විවිධාංගීකරණය කරන අතර, ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිමි ඇදුම් ව්‍යාපාරයක් ලෙස ඉහළට ඔසවා තැබීමේ අරමුණ පෙරදැරිව, රට තුළ එහි ව්‍යාප්තිය පුළුල් කරමින් ආයතනික සහ සමාජ වගකීම් සඳහා කැපවී සිටියි. ඒ සදහා සමස්ත ක්‍රියාකාරීත්වය අධ්‍යක්ෂවරුන් වන මධුෂිකා සෙල්වරාජ්, දිනුෂිකා සෙල්වරාජ් සහ ෂබ්‍රජිත් සෙල්වරාජ් යන මහත්ම මහත්මීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබේ.

ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ආයතනය අවංකභාවය පෙරදැරි කොටගෙන, ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට ගරු කරමින් ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරයි. වසර ගණනාවක් පුරා, ශ්‍රියානි සන්නාමය සිය සේවාවන් හරහා විලාසිතා සහ නිමි ඇදුම් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කර ඇත. ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ආයතනයේ ප්‍රමුඛතම වෙළඳසැල් ජාලය නවීන මෝස්තර, සෞන්දර්යය සහ නවතම දෘශ්‍ය වෙළඳ තාක්‍ෂණයෙන් සමන්විතය. පාරිභෝගිකයින්ට අනෙකුත් වෙළඳසැල් වලට වඩා කැපී පෙනෙන වෙනසක් සහිතව නිෂ්පාදන තෝරා ගැනීමට සහ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. ශ්‍රියානි එහි නවතම අවස්ථාවක් ලෙස ‘Khayal’ විලාසිතා එළිදැක්වීමත් සමඟ ශ්‍රියානි ව්‍යාපාර සන්නාමයට අභිමානයක් එක් කරයි.

‘Khayal’ විලාසිතා දැක්ම යටතේ උසස් තත්තවයේ ලෙහෙන්ගා වර්ග රාශියක්, විශිෂ්ට සාරි පෙළක්, විධිමත් ඇඳුම් කට්ටල, මෝස්තර ජැකට්, විවිධ වර්ගයේ බ්ලේසර් සහ ෂර්වානි එළි දක්වනු ලබයි. අලංකාර නව එකතුව මනාලියන් සහ මනාලයන් සඳහා ඕනෑම අවස්ථාවක් සහ චාරිත්‍රානුකූල සැමරුම් සඳහා සුවිශේෂී පෙනුමක් සහිත මංගල ඇඳුම් ආයිත්තම් කට්ටලයන් ප්‍රදර්ශනය කරනු ලබයි. ‘Khayal’ මනාලිය, මනාලයා සහ මංගල ආරාධිතයන් සඳහා නවීන ස්වරූපයන්ගෙන් යුතු විවිධ ආකාරයේ මෝස්තර 100 කට වඩා එළි දක්වනු ලබයි. විලාසිතා දැක්ම සන්ධ්‍යා ඇඳුම්, අවස්ථාවන්ට සුදුසු ඇඳුම්, මංගල ආරාධිත ඇඳුම් වලින් සමන්විතය. ප්‍රදර්ශනය අවසානය ආකර්ෂණීය මනාලියන්ගේ එකතුවකින් සමන්විත වේ.

මෙම නිර්මාණ උසස් ඉන්දියානු සෞන්දර්යයකින් සංකීර්ණ එම්බ්‍රොයිඩර් සහිත සුවිශේෂී වර්ණවලින් සහ රෙදිවලින් තෝරාගෙන ඇත. ‘Khayal’ එලිදක්වනු ලබන්නේ සුවිශේෂි වර්ණ වලින් යුක්ත ලේස්, ටියුලේ, සැටින් සහ සීකුවින් වැනි උසස් තත්ත්වයේ රෙදි වලිනි.

පිරිමි විලාසිතා එකතුව නවීන මෝස්තර වලින් සමන්විත සෞන්දර්යාත්මක සහ බහුකාර්ය මුද්‍රණ සහ රටා ඇතුළත් වේ.

බ්‍රයිඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා නිල මනාලියන්ගේ සඟරාව ලෙස කටයුතු කරයි. ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් හි සිය බහුකාර්ය විලාසිතා ප්‍රදර්ශනයෙහි ජනප්‍රිය දේශීය ඇඳුම් සන්නාමයක් වන Moose Clothing මෙම උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකාවේ මල් සැකසුම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයා වන ලස්සන ෆ්ලෝරා මල් සහ සැරසිලි සහකරු වේ. ශ්‍රී ලංකාවේ සුපිරි හෝටල් අතර ප්‍රමුඛතම තරු පහේ හෝටලයක් වන Earl’s Regency නිල ආගන්තුක සත්කාර සහ ස්ථාන සහකරු වන අතර Haut Monde Event Management නිල උත්සවය සහ PR හවුල්කරු ලෙස කටයුතු කරනු ලබයි.

පිටපත – PR

Post Views: 11
Previous Post

කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

Next Post

මෙරට පැවැති යුද්ධය ජයග්‍රහණය කළේ හිටපු ජනාධිපති මහින්දයි – මන්ත්‍රී එස්.බී.දිසානායක

editor

editor

Next Post

මෙරට පැවැති යුද්ධය ජයග්‍රහණය කළේ හිටපු ජනාධිපති මහින්දයි - මන්ත්‍රී එස්.බී.දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved