ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික සාක්ෂරතාවය සහ කුසලතා ඉහළ නැංවීම ඉලක්ක කරගත් ‘ඩිජිසවි’ ජාතික ව්‍යාපෘතිය අද (26) කොළඹ පදනම් ආයතනයේදී නිල වශයෙන් ආරම්භ කරන ලද අතර මෙම වැඩසටහන මගින් දිවයින පුරා සිටින සිසුන්, ව්‍යවසායකයින් සහ කළමනාකරුවන් සඳහා වඩාත් ඵලදායී සහ නූතන තොරතුරු තාක්ෂණික දැනුම ලබා දීමට අපේක්ෂා කෙරේ. මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් දියත් වූ මෙම ව්‍යාපෘතිය දිවයින පුරා ස්ථාපිත කර ඇති විශේෂ ‘ඩිජිසවි’ මධ්‍යස්ථාන ජාලය හරහා ක්‍රියාත්මක වන අතර එමගින් ග්‍රාමීය මට්ටමේ සිට නාගරික මට්ටම දක්වා සියලු පිරිස්වලට නවීන තාක්ෂණික මෙවලම් සහ මෘදුකාංග හැසිරවීමේ පුහුණුව ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ. ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී ව්‍යවසායකයින්ට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම සහ රැකියා වෙළෙඳපොළට ගැළපෙන දක්ෂ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් පිරිසක් බිහි කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර ඉදිරි මාස කිහිපය තුළ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම මෙම මධ්‍යස්ථාන හරහා පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමට නියමිත බව ද මෙහිදී අනාවරණය විය.














