පවතින මෙහෙයුම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් 2026 මාර්තු 12 සහ 13 යන දිනවල කොළඹ සහ ඩුබායි අතර ක්‍රියාත්මක වීමට තිබූ ගුවන් ගමන් වාර දෙකක් අවලංගු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය හමුවේ ගුවන් මෙහෙයුම් සම්බන්ධයෙන් නිකුත් කළ නවතම නිවේදනයක මේ බව සඳහන් වේ.
ඒ අනුව, කොළඹ සිට ඩුබායි බලා පියාසර කිරීමට නියමිතව තිබූ UL231 ගුවන් යානය සහ ඩුබායි සිට කොළඹ බලා පැමිණීමට නියමිතව තිබූ UL232 යන ගුවන් ගමන් වාර මෙම දින දෙකේදී ක්‍රියාත්මක නොවන බව ගුවන් සමාගම පවසයි. මේ හේතුවෙන් අපහසුතාවයට පත්වන මගීන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ පියවර ගෙන ඇති අතර, මගීන් හට තම ගුවන් ගමනේ වත්මන් තත්ත්වය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය හරහා නිරන්තරයෙන් පරීක්ෂා කරන ලෙස උපදෙස් දී ඇත.
අමතර සහාය අවශ්‍ය මගීන් වේ නම් ශ්‍රී ලංකාව තුළින් 1979 අංකය ඔස්සේ ද, ජාත්‍යන්තරව +94 11 777 1979 අංකය ඔස්සේ ද ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගත හැකිය. එසේම ළඟම පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගම් කාර්යාලය හෝ තම සංචාරක නියෝජිතයා මගින් ද වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.














