හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට නැවත ගොඩනැගීමේ අරමුණින් රජය ආරම්භ කළ “Rebuilding Sri Lanka” අරමුදල ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය සිය දිනක වැටුප පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ. රුපියල් 1,405,200.41ක මුදලක් සහිත මෙම මූල්‍ය පරිත්‍යාගය පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය විසින් සිදු කළ මෙම ප්‍රදානය, ආපදා කළමනාකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට සහ සෞඛ්‍ය යටිතල පහසුකම් නැවත ගොඩනැගීමට විශාල ශක්තියක් වනු ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි. සෞඛ්‍ය වෘත්තිකයන් ලෙස මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක ලබා දුන් මෙම ආදර්ශවත් සහයෝගය අමාත්‍යවරයාගේ ඇගයීමට ද ලක් විය.
මෙම අවස්ථාවට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම සුවසේවා සහ හෙද සංගම් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.














