හයිටි රාජ්‍යයේ යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ‘ලෆෙරියර් සිටැඩෙල්’ (Laferriere Citadel) බලකොටුවේ පැවැති වාර්ෂික උත්සවයක් අතරතුර සිදු වූ තල්ලු වී යාමකින් (Stampede) පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පිරිස අතර සිසුන් සහ සංචාරකයන් විශාල පිරිසක් සිටින බව වාර්තා වේ. මෙම ඛේදවාචකය හේතුවෙන් හෙට (අඟහරුවාදා) සිට ක්‍රියාත්මක වන පරිදි දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට හයිටි රජය පියවර ගෙන ඇත.
අග්‍රාමාත්‍ය ඇලික්ස් ඩිඩියර් ෆිල්ස්-ඒමේ (Alix Didier Fils-Aimé) ජාතිය අමතමින් ප්‍රකාශ කළේ මෙම ව්‍යසනයෙන් මියගිය පිරිසගේ අවමංගල්‍ය කටයුතු සඳහා වන සියලු වියදම් රජය විසින් දරනු ලබන බවයි. මුලින් මියගිය සංඛ්‍යාව 30 ක් ලෙස වාර්තා වුවද සිවිල් ආරක්ෂක බලධාරීන් පසුව එම සංඛ්‍යාව 25 ක් දක්වා සංශෝධනය කළේය. 19 වන සියවසේ මුල් භාගයේදී ඉදිකරන ලද මෙම ඓතිහාසික බලකොටුව හයිටියේ නිදහස සංකේතවත් කරන ප්‍රධාන සංචාරක ආකර්ෂණයකි.

















