• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යහපාලනය ආණ්ඩුව කාලේ ආයතන කඩා බිඳ දැමු බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික කියයි

7 March 2024
in දේශීය, පුවත්
පෙබරවාරි මුල් සතිය වන විට විදුලි බිල අඩු කිරීමට කටයුතු කරනවා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2015 – 2019 කාලවකවානුව තුළ විපක්ෂ නායකතුමා නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය, සංස්කෘතික අරමුදල, ඉංජිනේරු සංස්ථාව කඩා බිද දැමු බව ද මෙවැනි අයෙකු රට ගොඩනගනුයේ කෙසේදැයි යන්න ප්‍රශ්නයක් බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය “පහුගිය දවස්වල විපක්ෂ නායකතුමා දිගින් දිගටම මේ රට බංකොලොත් වෙන්න, මේ රට වර්තමාන තිබෙන තත්වය ඇතිවෙන්න හේතුවක් වෙලා තිබෙන්නේ පහුගිය පාලන කාලය තුළ ගත්තු තීන්දු තිරණ සහ පහුගිය කාලයේ කලා වු දුෂණ, වැරදී තීන්දු කියන එක සමාජගත කරන්න උත්සහ කරනවා. ඊයේ දවසෙත් පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිතුමාටත්, ආණ්ඩු පක්ෂයටත් එතුමා ඒ චෝදනාව කරනවා. සදාචාරයක් ඇතිව, මම දන්නේ නැහැ ඒ චෝදනාව කරන්න පුළුවන්ද කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ආණ්ඩුව ඇතුලේ කටයුතු කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය වෙන්නේ ජනතා විශ්වාසය මත. 2015 – 2019 කාලවකවානුව තුළ සජිත් ප්‍රේමදාස මහතා හිටපු ආණ්ඩුවත්, අද වෙනම සන්ධාන බවට පත්වෙන්න කටයුතු කරන ඇතැම් ආණ්ඩුව ඇතුලේ ඉන්න ඇමතිවරු, ආණ්ඩුවෙන් පිටත ස්වාධීනයි කියලා කටයුතු කරන පිරිසත් ගත්තු ක්‍රියාමාර්ග නිසා තමයි සිටයයට 6 ට,7 ට තිබුණු ආර්ථිකය සියයට 3 ටත් අඩු අගයකට ගෙනල්ලා තියන්න සිදුවුණේ. විශේෂයෙන්ම ඒ අවස්ථාවේ ජාතික ආරක්ෂාව තර්ජනයට පත්වී තිබුණා.මේ සියලු කාරණා ඇතුලේ විපක්ෂ නායකවරයා එතුමාගේ අමාත්‍යාංශ අවභාවිතා කළා. එතුමා සංස්කෘතික අරමුදල අවභාවිතා කෙරුවා. ඒවා සියලු තැන්වල ඔප්පු වෙලා තිබෙනවා. එතුමා දැන් ඇවිල්ලා දූෂණය, නාස්තිය ගැන කතා කරනවා. එතුමා කරපු නාස්තියේ ප්‍රමාණය අපි අභියෝග කරනවා. එතුමා පහුගිය වැය ශීර්ෂ දෙක තුන තුළදීම පාර්ලිමේන්තුව මඟ ඇරලා ගියා. එතුමා උත්තරීතර පාර්ලිමේන්තුව මඟ අරිමින් ඒ වගේම වර්තමානය වන විට උත්තරීතර පාර්ලිමේන්තුව භාවිතා කරමින් ජනතාවට වෙනත් වැරදි ප්‍රවෘත්තියක්, ප්‍රචාරයක් ගෙනියන්න උත්සහ කරනවා. ඒ නිසා අපි අභියෝග කරනවා, ආරාධනා කරනවා එතුමාට විවෘත සංවාදයකට එන්න ඔබතුමා කරපු අමාත්‍යාංශවල අකර්යක්ෂමතාවය අපි කියන්න. එතුමා සේවකයින් බදවාගැනීම තුළ කරපු නීති විරෝධි ක්‍රියාපටිපාටිය අපි කවුරුත් දන්නවා. මේ විදිහට තමයි 2015 – 2019 කාලවල අමාත්‍යාංශ අවභාවිතා කළේ. ඒකෙන් තමයි නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය කඩාගෙන වැටුනේ. ඉංජිනේරු සංස්ථාව, සංස්කෘතික අරමුදල කඩාගෙන වැටුනේ. මෙහෙම කරපු මනුස්සයෙක් දැන් රට හදන්න යෝජනා කරනවා. දිස්ත්‍රික් නායකයෙක් විදිහට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එතුමා කටයුතු කළා. හම්බන්තොට වරාය විකුණුවා. හම්බන්තොට වරාය විකුණද්දි දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ රැකියා නැතිව යනවා. මෙය විකුණන්න එපා කියලා එවක ජනාධිපතිතුමාට යෝජනාවක්වත් කරන්න තිබුණා. පාර්ලිමේන්තුව තුළ අද මේ ඉදිරිපත් කරන විසිහත දෙක යටතේ ඉදිරිපත් කරන ප්‍රශ්න එතුමා ආණ්ඩු පක්ෂයේ ඉදගෙනවත් එතුමා කොන්ද කෙලින් තියාගෙන කටයුතු කළා නම් අපිට එතුමාට මේ චෝදනාව කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ ජාතික සම්පත් විනාශ වෙන්න දීලා, ඒ වගේම ජාතික ව්‍යවසායකයින් කඩාවැටෙන ආකාරයට , අහිංසක දුගි දුප්පත් මිනිස්සුන්ට බලාපොරොත්තු දීලා, තරුණ තරුණියන්ට බලාපොරොත්තු දිලා එතුමා කරපු කාරණා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට චෝදනා කරනවා නම් දෙපාරක් හිතන්න. අපි විශ්වාසය මත ගොඩනැගුණු දේශපාලන ව්‍යාපාරයක්. දේශපාලන පක්ෂයක්. එය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 යුද්ධය අවසන් කරපු තැන ඉඳලා කරපු අසීමිත සංවර්ධන කටයුතු ගණනාවක්, සෑමදේම ආවරණය වන විදිහට මේ රට මේ තත්වයට සංවර්ධනය කරපු නිසා තමයි මේ කඩාවැටීමත් එක්ක කෙටිකාලය තුළ අපිට නැවත යථාතත්වයට රට ගෙන එන්න පුළුවන් මාර්ගය ගැන කතා කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒ නිසා එතුමා මේ චෝදනා කරද්දි දෙපාරක් හිතන්න ඕන. සියයට තුනේ කල්ලිය ගැන බොරුවට කතා කරලා මාතෘකා හදන්න කැමති නැහැ. සමගි ජනබලවේගය විදිහට ඔබතුමාලා වෙනත් ක්‍රමවේදයකින් පැමිණියත් ජනතාව දන්නවා 2015 – 2019 තුළ ඇමතිකම් දරපු, තනතුරුකම්, වගකීම් දරපු පිරිස තමයි ඒ අවස්ථාවේ ආර්ථිකය සියයට හතේ එක සියයට 3 අඩු අගයකට ගෙනල්ලා මේ තත්වයට රට පත්කලේ කියලා.”යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 11,518
Previous Post

කජිමාවත්ත පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

Next Post

ජනපති රනිල්ගේ භූමිකාව කාටුන් ශිල්පීන් දුටු හැටි “Press Vs. Prez” කෘතියෙන් එළිදැක්වේ

editor ttvnews

editor ttvnews

Next Post
ජනපති රනිල්ගේ භූමිකාව කාටුන් ශිල්පීන් දුටු හැටි “Press Vs. Prez” කෘතියෙන් එළිදැක්වේ

ජනපති රනිල්ගේ භූමිකාව කාටුන් ශිල්පීන් දුටු හැටි “Press Vs. Prez” කෘතියෙන් එළිදැක්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved