මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී මෙරට මුල් පුරවැසියන් තිදෙනා වන ජනාධිපතිවරයා, අගමැතිවරිය සහ කථානායකවරයා සහභාගී වන අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව මෙතෙක් මාධ්‍ය වෙත නිල දැනුම්දීමක් සිදු කර නොමැති බව වාර්තා වේ. සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන අවුරුදු චාරිත්‍ර පිළිබඳව කල්තියා මාධ්‍ය දැනුවත් කළද, මෙවර එවැනි වැඩසටහනක් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත්, මෙවර රාජ්‍ය අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම උත්සවය අප්‍රේල් මස 15 වනදා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ජාතික රූපවාහිනිය ඇතුළු නාලිකා කිහිපයක් ඔස්සේ මෙම උත්සවය සජීවීව විකාශනය කිරීමට ද අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කර ඇත.














