2026 වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ ප්‍රදේශයේ පිහිටි මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙවර වෙසක් උත්සවයේ කාලසීමාවට සමගාමීව මැයි මස 27 වනදා සිට ජුනි මස 02 වනදා දක්වා කාලය මෙරට වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එම කාලය තුළ විවිධ ආගමික සහ සමාජයීය වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට ද සැලසුම් කර ඇත.
සමස්ත සමාජයේම යහපැවැත්ම උදෙසා බෞද්ධ දර්ශනයේ ආභාසය ලබාගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් “පොදු යහපත පිණිස වහ වහා පෙළගැසෙමු” යන්න මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ ප්‍රධාන තේමාව ලෙස රජය විසින් තෝරාගෙන තිබේ.














