• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලිස් ශිෂ්‍ය භට බලකාය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට පියවර ගන්නවා – ඇමැති ටිරාන්

25 February 2024
in දේශීය, පුවත්
පොලිස් ශිෂ්‍ය භට බලකාය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට පියවර ගන්නවා – ඇමැති ටිරාන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පොලිස් ශිෂ්‍ය භට බලකාය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) බොරලන්ද පොලිස් ශිෂ්‍යභට ඒකකයේ නව පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් පල කල අමාත්‍ය ටිරාන් අලස් මහතා “පාසල්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්,ගුරුවරුන්, විදුහල්පතිවරුන් යනු කුඩා කල සිටම මා ඉතාමත් ප්‍රිය කළ පිරිසක්. වයස අවුරුදු හතේ සිට විසි එක දක්වාම මා පාසලක් තුළ ජීවත් වූ කෙනෙක්. විදුහල්පතිවරයකු මෙන්ම ගුරුවරයකු ලෙස කටයුතු කළ මාගේ පියා රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය භට කණ්ඩයේ පුහුණුකරු ලෙස කටයුතු කළා.ශිෂ්‍ය භටයින් වෙනුවෙන් පිරිනැමූ හර්මන් ලූස් සම්මානය ආනන්ද,නාලන්ද විද්‍යාල සියල්ල පරාජය කරමින් රාජකීය විද්‍යාලයට දිනාගන්නට එම වසරේ හැකියාව ලැබුණා. එම වර්ෂයේ ශිෂ්‍යභට කණ්ඩායමේ සාජන්වරයා ලෙස කටයුතු කළේ වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. ඉන් අනතුරුව එවකට කූඹි කැලේ යනුවෙන් හැඳින්වූ ප්‍රදේශයේ කොළඹ ඩී.එස්.සේනායක විද්‍යාලය මගේ පියා විසින් ආරම්භ කරනු ලැබුවා. එවකට පැවැත්වුණේ පන්ති පහක් පමණයි. විද්‍යාලය ඉදිකිරීමට එම ප්‍රදේශය එළිපෙහෙළි කරනු ලැබුවේ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායම විසින්. ශිෂ්‍යයෙකුට පැවතිය යුතුම විනය, වැඩ කිරීමේ හැකියාව ආදී ගුණාංග ශිෂ්‍ය භට පුහුණුව තුළින් මනාව වර්ධනය වනවා. පසු කලෙක මාද ශිෂ්‍ය භටයකු ලෙස විවිධ ක්‍රියාකාරකම් වලට දායක වී තිබෙනවා. මගේ පියා විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්වුණා. එහිදී ද පියා එම අමාත්‍යංශයේ කටයුතු කළ ආකාරය පිළිබඳ විවිධ අත්දැකීම් ලැබීමේ අවස්ථාව මට හිමි වුණා. ශිෂ්‍යපෙකු ලෙස ලබා ගන්නා විනය අනෙකුත් ශිෂ්‍යයින් සමගද බෙදා ගන්නා ලෙස මා ඔබෙන් ඉල්ලීමක් සිදු කරනවා. අප විසින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම තුලින් සිදු කරන්නේද පාසල් දූ පුතුන් වැරදි සිදු කරන මිනිසුන්ගෙන් ගලවා ගැනීමේ මෙහෙයුමක්. විශේෂයෙන් පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් පාසල් ආශ්‍රිතව සහ එම ප්‍රදේශවල මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරත වන පිරිස් අත්අඩංගුවට ගැනීම අපගේ ඉලක්කයයි. ඔවුන් කටයුතු කරන්නේ අනාගතය බාර ගැනීමට සිටින දූ දරුවන්ගේ අනාගතය අඳුරු කර දැමීම සඳහායි. විනයගරුකව කටයුතු කරන ආකාරය, නරක පුරුදු සඳහා ඇබ්බැහි කර ගැනීමට උත්සාහ කරන අයගෙන් ගැලවෙන ආකාරය පිළිබඳව අනෙකුත් සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වගකීමක් ශිෂ්‍ය භටයන් වෙත පැවරෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමෙන් අනතුරුව පොලිස් ශිෂ්‍ය භට බලකාය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට මා පියවර ගන්නවා. එමෙන්ම පොලිස් ශිෂ්‍යභට බලකායට නව නිල ඇඳුමක් හඳුන්වා දීමට අප කටයුතු කරනවා යැයි අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, පොලිස් ශිෂ්‍ය භට කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය චින්තක ගුණරත්න මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු අසංග කරවිට මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Post Views: 14,802
Previous Post

අනුමත කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඇමැති ප්‍රසන්නගෙන් ඉහළ පෙලේ කමිටුවක්

Next Post

ජනපති උපදෙසින් වසරකට පාසල් සිසුන් ලක්ෂයකට “ජනාධිපති ශිෂ්‍යත්ව”ලබා දීමට සැලසුම් කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
ජනපති උපදෙසින් වසරකට පාසල් සිසුන් ලක්ෂයකට “ජනාධිපති ශිෂ්‍යත්ව”ලබා දීමට සැලසුම් කෙරේ

ජනපති උපදෙසින් වසරකට පාසල් සිසුන් ලක්ෂයකට “ජනාධිපති ශිෂ්‍යත්ව”ලබා දීමට සැලසුම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

අය වැයෙන් මුහුද මැදින් පාරක්

7 November 2025
රජයේ වැටුප 30%කින් ඉහළට

රජයේ වැටුප 30%කින් ඉහළට

7 November 2025
ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

7 November 2025
2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

7 November 2025

Recent News

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

අය වැයෙන් මුහුද මැදින් පාරක්

7 November 2025
රජයේ වැටුප 30%කින් ඉහළට

රජයේ වැටුප 30%කින් ඉහළට

7 November 2025
ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

7 November 2025
2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

7 November 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

අය වැයෙන් මුහුද මැදින් පාරක්

7 November 2025
රජයේ වැටුප 30%කින් ඉහළට

රජයේ වැටුප 30%කින් ඉහළට

7 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved