• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE සමාගමේ රුහුණු කර්මාන්ත ශාලාවේ සිමෙන්ති ඇඹරුම් ධාරිතාව ටොන් මිලියනයකින් වැඩි කිරීමට පියවර

18 December 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, ගාල්ලේ පිහිටි රුහුණු සිමෙන්ට් වර්ක්ස් (Ruhunu Cement Works – RCW) කර්මාන්ත ශාලාවේ වාර්ෂික ඇඹරුම් ධාරිතාව ටොන් මිලියනකින් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ.

දේශීය සිමෙන්ති නිෂ්පාදනය වැඩි කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීම සහ වඩාත් තිරසාර ඉදිකිරීම් නිෂ්පාදන මෙරටට හඳුන්වා දීම ඉලක්ක කරගෙන මෙම පියවර ගෙන ඇත. මෙම ආයෝජනය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර, සියම් සිටි සිමෙන්ට් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී Aidan Lynam මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී එය නිල වශයෙන් නිවේදනය කරන ලදි. එමෙන්ම ඒ මහතා ගාල්ල කර්මාන්ත ශාලාවේ සංචාරයකද නිරත විය.

INSEE සිමෙන්ති සමාගමේ ගාල්ල කර්මාන්ත ශාලාවේ ඇඹරුම් ධාරිතාව ටොන් මිලියන 1.4 ක් වන අතර, එහි පුත්තලම කර්මාන්ත ශාලාවේ ඇඹරුම් ධාරිතාව ටොන් මිලියන 1.3 කි. දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා මෙම කර්මාන්තශාලා දෙකම, 2020 ජූනි මාසයේ සිට උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වේ.

“ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුනර්ජීවනය සඳහා උසස්ම ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය සපයමින්, රටේ ප්‍රධානතම සිමෙන්ති නිෂ්පාදකයෙකු ලෙස අප සතු ස්ථානය තවදුරටත් තහවුරු කරගැනීම අපගේ බලාපොරොත්තුවයි.” සියම් සිටි සිමෙන්ට් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී Aidan Lynam මහතා පැවසී ය.

යෝජිත නව ඇඹරුම් මධ්‍යස්ථානය, බ්‍රවුන්ෆීල්ඩ් වර්ගයේ ව්‍යාපෘතියක් (Brownfield Project) ලෙස, ගාල්ලේ පිහිටි රුහුණු සිමෙන්ට් වර්ක්ස් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ඉදිකෙරේ. මෙරට ප්‍රධාන සිමෙන්ති වෙළඳපොළ වන බස්නාහිර පළාත සහ, වර්ධනය වෙමින් පවතින වෙළඳපොළක් වන දකුණු පළාත අතර, ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටීම නිසා මෙම ස්ථානයෙහි නව ඇඹරුම් යන්ත්‍රාගාරය ස්ථාපිත කිරීමට තීරණය කරන ලදි. එමෙන්ම එහි පිහිටීම අනුව, අසල පිහිටි වරාය සහ ගොඩබිම් බෙදාහැරීම් මාර්ග භාවිතා කරමින් වඩාත් කාර්යක්ෂම ලෙස තම නිෂ්පාදන වෙළඳපොළ වෙත සැපයීමට සමාගමට අවස්ථාව ලැබේ. සමාගමේ ආයතනික තිරසාරත්ව ඉලක්ක සාක්ෂාත් කරගැනීම අරමුණු කරගෙන මෑතකදී ක්‍රියාවට නංවන ලද INSEE Sustainability Ambition 2030 වැඩසටහනට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති සන්නාමයක් ලෙස දශක ගණනාවක් තිස්සේ හිමිකරගත් ගෞරවය හා ජනප්‍රියත්වය නිසා, සුවිශාල පාරිභෝගික පදනමක් සමගින් ජාත්‍යන්තර සිමෙන්ති සන්නාමයන් සමග තරග කිරීමට INSEE සිමෙන්ති සමාගමට හැකියාව ලැබී තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය සහ ඉහළම පිළිගැනීමක් හිමි සිමෙන්ති සන්නාමයන් වන්නේ INSEE සිමෙන්ති සන්නාමයන් ය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය සහ ඉහළම පිළිගැනීමක් හිමි සිමෙන්ති සන්නාමයන් වන්නේ INSEE සිමෙන්ති සන්නාමයන් ය.
නව ව්‍යාපෘතිය 2023 වසර වන විට සම්පූර්ණ කිරීමට INSEE සිමෙන්ති සමාගම අපේක්ෂා කරයි’

පිටපත – PR

Post Views: 2
Previous Post

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පාසල් මට්ටමින් සංවර්ධන සංචිතයක් නිර්මාණය කරනවා – අමාත්‍ය නාමල්

Next Post

කොවිඩ් පාලනයට පසුගිය වසර එකහමාරේ රු. බි 181 ක් වියදම් කලා -සෞඛ්‍ය අමාත්‍ය

editor

editor

Next Post

කොවිඩ් පාලනයට පසුගිය වසර එකහමාරේ රු. බි 181 ක් වියදම් කලා -සෞඛ්‍ය අමාත්‍ය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved