ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් මත්ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය ඇතුළට විසිකිරීමට (“Airdrop”) සූදානම් වූ පුද්ගලයෙකු ගාල්ල, කන්දේවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) පවසයි. අක්මීමන කඳවුරේ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි. ඔහු නැවතී සිටි නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබේ: ‘අයිස්’ මත්ද්‍රව්‍ය: ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 590ක්, දුම්කොළ: ග්‍රෑම් 110ක් සහ දුම්කොළ කූරු ග්‍රෑම් 540ක්, ජංගම දුරකථන: 04ක්, දුරකථන චාජර්: 23ක්
මෙම භාණ්ඩ බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් වෙත ලබාදීම සඳහා සූදානම් කර තිබූ ඒවා බවට සැක කෙරේ. සැකකරු සහ නීති විරෝධී භාණ්ඩ තොගය වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල පොලිසිය වෙත භාර දී ඇත.














