• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ දියුණුවට එකිනෙකාට චෝදනා කිරීම් නතර කරන්න – ඇමැති මනුෂ

20 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ දියුණුව හා ජාතික සමගිය යම් අයෙක් බලාපොරොත්තුවන්නේ නම් එකිනෙකාට චෝදනා කරමින් නොසිට එය තමාගෙන්ම පටන් ගත යුතු බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල, මාගාල්ල පුරාණ හජ්ජිවත්ත ඉස්ලාම් දේවස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස නම් කිරීමේ සමාරම්භක උත්සවයට ඊයේ (19) පෙරවරුවේ සහභාගීවෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” ජාතික සමගිය නම් ඔබ අපේක්ෂා කරන්නේ, ඒක ඔබෙන් පටන් ගන්න. ඔබ අපේක්ෂා කරන්නේ දියුණු රටක් නම් ඔබ ඒක ඔබෙන් පටන් ගන්න. මම මගෙන් පටන් ගන්වා නම් කිසිම දවසක තවත් අයෙක්ට චෝදනා කරමින් සිටීමට අවශ්‍ය වෙන එකක් නැහැ. අපි එකට එකතු වෙලා ශ්‍රී ලාංකික ජාතියක් විදියට, මනුස්සයින් විදියට එකට එකතු වෙන්න ඕන කාලයක් තමයි දැන් ඇවිත් තියෙන්නේ. අනෙකා ගැන දැනගැනීම සාමූහික සහජීවනයෙන් යුත් රටක් සදහා පදනමකි. අනෙකා, සොහොයුරෙක්, සොහොයුරියක් ලෙස දකින්න පුලුවන් ජනතාවක් රටක ජීවත් වීම ඒ රටේ සෛවරීත්වයට හා අභිමානයට, ජාතික ආරක්ෂාවට, පිටිවහලක් වෙනවා. ඒ වගේ රටක් ශක්තිමත් රටක් කියලා අපි කියනවා. පහුගිය කාලයේදී දේශපාලනික වශයෙන්, සමාජීය වශයෙන් වගේම ආගමික හා සංස්කෘතික වශයෙන් පවා මිනිස්සු වෙනක් හෙව්වා. විවිධ අය විවිධ සම්ප්‍රදායන් ආගම් ඇතුලට අරගෙන ඇවිත් ඒ වෙනස හොයන්න සමහරු උත්සාහ ගත්තා. සමහරු නව සංස්කෘති ප්‍රවනතාවයන් ඇතුලේ ඒ වෙනස කරන්න උත්සාහ ගත්තා. ඒ අතරේ මිනිස්සු විදියට පාරට බැහැලා, ඡන්දෙ දීලා, අරගල කරලා ඒ වෙනස කරන්න උත්සාහ ගන්නවා අපි දැක්කා. හැබැයි හැමදාම අපි කළේ උත්සාහ කිරීම හා කට වචනයෙන් වෙනසක් සෙවීම පමණයි. හැම වෙනසක් සදහාම ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. සරලව කල්පනා කරලා බලන්න, ශරීරයේ උවත් වෙනසක් කරන්න නම් ඉරියව්වක් වෙනස් කරන්න වෙනවා. ඒ වෙනස මගෙන් පටන් ගමු කියලා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඒ සංකල්පය අපි ආරම්භ කළා.ක්‍රම වෙනසක් සදහා අපි අපිම වෙනස් වෙන්න ඕන. රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සදහා අපි ඒ වගකීම් භාරගන්නා විටම, අපි මේ වැඩේ පටන් ගත්තේ මගෙන්. එතෙක් තිබුණ පිළිණුවී ගිය දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න මගෙන් පටන් ගන්නවා. මම මගෙන් පටන් ගත්තා. ඒ වගේම ඒ වෙලාවේ වගකීම් භාරගත්ත හැමෝම ඒ අයගෙන් පටන් ගත්තා. ජනාධිපතිතුමා එතුමාගෙන් පටන් ගත්තා. ඒ නිසයි රටක් විදියට අද වන විට නිදහසේ හුස්මක් ගන්න පුලුවන් වෙලා තියෙන්නේ. ගිය අවුරුද්දේ නොවැම්බර්වලට වඩා මේ අවුරුද්දේ නොවැම්බර් වන විට ඔබ නිදහසේ හුස්මක් අරගන්නවා. ඒ ගැන කල්පනා කරලා බලන්න. මම විශ්වාස කරන, මගේ දර්ශනය මනුෂ්‍යත්වයයි. අපේ රට වසර 75ක් තිස්සේ තවමත් දුප්පත් රටක් විදියට පවතින්න ලොකුම හේතුවක් බවට පත්වුනේ එක්කෝ ජාතිවාදී කෝලහලක් අතට ගත්ත නිසා. නැතිනම් කණ්ඩායමක් ආයුද අතට ගත්ත නිසා. මිනිස්සු අරගල කරන්න ඕන මනුෂ්‍යයින් හැටියට මිසක් සතුන් හැටියට නෙමෙයි. මිලේඡ්චයින් විදියට නෙමෙයි. මේ වන විට ඊශ්‍රායල් පලස්තීන අර්බුදයත් එක්කවගේම දේශපාලන වාසි ගැනීම වෙනුවෙන්, ඊශ්‍රායල් පලස්තීන ගැටලුව මුල් කරගෙන ජාතිවාදී කෝලහාලයක් දක්වා ඒක අරගෙන යන්න ඇතැම් පිරිස් උත්සාහ ගත්තා. ඉතිහාසයේ පෙර වැරැද්ද නැවත සිදු නොවන්න මේකට ක්‍රියාව මගෙන් පටන් ගන්නේ කොහොමද කියලා මම කල්පනා කළා. මගේ කල්පනාවේ එක ප්‍රතිඵලයකට තමයි අද අපි මේ සහභාගී වෙලා ඉන්නේ. ඒ සදහා මට මග පෙන්වපු අම්හර් මවුලවිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි පටන් ගත්තා, අපිට ඉන්නේ අපි විතරයි කියන ජාතීන් හා සංස්කෘතීන් අතර අනොන්‍ය අවභෝධය ඇති කරගැනීමේ වැඩසටහන. ඒක ඔබ පසුගිය දිනවල දකින්න ඇති. කච්චුවත්ත පුරාණ දේවස්ථානය කියන්නේ ආගමික ස්ථානයක් විතරක් නොවෙයි කියන එකයි මගේ අදහස. ශ්‍රී ලාංකිකයෝ හැටියට කච්චුවත්ත දේවස්ථානය සමග අපි ලෝකයට කියා පාන්නේ අප තුළ අතීතයේ පටන් පැවති සහජීවනයේ ලෙංගතුකමේ, සංවේදීත්වයේ පෞරාණිකත්වයයි. ඉතිං මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් අපේ මේ පැරණි ලෙංගතුකම ලෝකයට කියාපෑමට අවශ්‍ය පියවර ගන්න කියලයි. ඒ වගේම එහි සංරක්ෂණ කටයුතු කිරීම වගේම මතු පරපුර වෙනුවෙන් ඒ ඉතිහාසය ආරක්ෂා කරලා දෙන්න කියලයි. මේ සදහා අප විසින්, මගේ මාධ්‍ය අංශය විසින් එකතු කළ තොරතුරු රැසක් තිබෙනවා. ඒ සියල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරනවා. සෑම මිනිසෙකුටම අතීතයක්, වර්තමානයක් සහ අනාගතයක් තියෙනවා. ඒ මූල පද්ධති සොයා ගෙන යෑම අවභෝධයෙන් යුත් ජන සහයෝගීත්වයක් සදහා පදනමක් වෙනවා. මීට වඩා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සහභාගී වෙලා ඉන්න සියලු දෙනාගෙන්ම වගේම සජීවීව මේ මොහොත හා සම්බන්ධවී සිටින සියලු දෙනාගෙන් මේ ඓතිහාසික අවස්ථාවේ මම ඉල්ලීමක් කරන්න කැමැතියි. මම මගෙන් පටන් ගත්තා. ඔබ ඔබෙන් පටන් ගන්න. ජාතික සමගිය නම් ඔබ අපේක්ෂා කරන්නේ, ඒක ඔබෙන් පටන් ගන්න. ඔබ අපේක්ෂා කරන්නේ දියුණු රටක් නම් ඔබ ඒක ඔබෙන් පටන් ගන්න. මම මගෙන් පටන් ගන්වා නම් කිසිම දවසක තවත් අයෙක්ට චෝදනා කරමින් සිටීමට අවශ්‍ය වෙන එකක් නැහැ. චෝදනා කරමින් සිටිමින් වැඩක් නෑ. අපි එකට එකතු වෙලා ශ්‍රී ලාංකික ජාතියක් විදියට, මනුස්සයින් විදියට එකට එකතු වෙන්න ඕන කාලයක් තමයි දැන් ඇවිත් තියෙන්නේ යැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසිය.

Post Views: 10
Previous Post

ආර්ජන්ටිනාවේ නව ජනාධිපති ලෙස ජේවියර් මිලෙයි පත් වෙයි

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනී

editor

editor

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved