• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝකයම ගිණි තබන බලවතුන්ගේ සටන හෝමූස් නිසා අපිත් අනතුරේද ?

6 March 2026
in දේශීය, පුවත්, විදෙස්
ලෝකයම ගිණි තබන බලවතුන්ගේ සටන  හෝමූස් නිසා අපිත් අනතුරේද ?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකයම අද බලා සිටින්නේ සමස්ත ලෝක ආර්ථිකයේ ‘හෘද ස්පන්දනය’ බඳු වූ හෝමූස් සමුද්‍ර සන්ධිය දෙසයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හුදෙක් මුහුදු මාර්ගයක් වැසී යාමක් පමණක් නොව, ලෝක බලශක්ති සැපයුමෙන් පහෙන් එකක් අඩාල කරන ‘ආර්ථික සුනාමියක’ ආරම්භයයි.
පසුගිය දිනවල වාර්තා වූ තොරතුරු තහවුරු කළේ, වසර ගණනාවක් තිස්සේ පැවති රාජ්‍යතාන්ත්‍රික ගැටුම් උච්චතම අවස්ථාවකට පැමිණෙමින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ වර්තමානය වනවිට එහි තත්වය මොනවගේද ?
එය ලෝක ආර්ථිකයට මොනවගේ බලපෑමක් එල්ල කරයිද ?
අද අපි කතා කරන්නේ මෙන්න මේ ගැන
හෝමූස් සමුද්‍ර සන්ධිය යනු පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් බොක්ක යා කරන ලොව වැදගත්ම බලශක්ති මාවතයි.
මෙය කිලෝමීටර් 167ක දිගින් යුක්තයි.
එහි පටුම ස්ථානය කිලෝමීටර් 33ක් පමණ වනවා.
ලෝකය පුරා දිනපතා පරිභෝජනය කරන බොරතෙල් ප්‍රමාණයෙන් 20% 30% අතර ප්‍රමාණයක් මෙම මාර්ගය හරහා ගමන් කරනවා.
සෞදි අරාබිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය,කුවේටය ,ඉරාකය සහ ඉරානය යන රටවල ප්‍රධාන තෙල් අපනයන මාර්ගය මෙයයි.
මෙම සමුද්‍ර සන්ධිය වසා දැමීම, ගෝලීය ආර්ථිකය පෙර නොවූ විරූ අර්බුදයකට ගෙන යමක් වන්නට පුළුවන්.
ලොව විශාලතම ස්වාභාවික වායු අපනයනකරුවෙක් වන කටාර් රාජ්‍යය සිය මුළු සැපයුමම පාහේ සිදු කරන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහායි.
විශේෂයෙන්ම යුරෝපයේ සහ ආසියාවේ විදුලි උත්පාදනයට සහ කර්මාන්තශාලා වලට අවශ්‍ය ගෑස් සැපයුමට මෙය ප්‍රධාන බලපෑමක් එල්ල කරනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වී පැවතීම නිසා දැනටමත් ලෝක වෙළඳපොළේ ගෑස් මිල 30% කින් පමණ ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වනවා.
ගල්ෆ් කලාපයේ රටවල් ඒ කියන්නේ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට් රාජ්‍යය ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් 80% කට වඩා ආනයනය කරනු ලබනවා.
මෙයට සහල්, තිරිඟු, සීනි සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් .
මෙම මාර්ගය සම්පුර්ණයෙන් අවහිර වුවහොත් එම රටවල ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් ද ඇතිව තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ නිෂ්පාදනය කරන පෙට්‍රොකෙමිකල් සහ ප්ලාස්ටික් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලොව පුරා කර්මාන්තශාලා වෙත යවනු ලබන්නේත් මෙම මාර්ගයෙන්.
මෙය ලෝක නිෂ්පාදන ක්ෂේත්‍රයේ සැපයුම් දාමයට දැඩිව බලපෑම් එල්ල කරනවා.
ඒවගේම ජපානය, කොරියාව සහ චීනය වැනි රටවල සිට මැදපෙරදිගට එවන වාහන සහ ඉලෙක්ට්‍රොනික උපකරණ විශාල වශයෙන් මෙම මාර්ගය හරහා ගමන් කරනවා.
ඒ අනුව ගත්විට හෝමූස් සමුද්‍ර සන්ධිය තෙල් සඳහා පමණක් නොව සමස්ත ලෝක වෙළඳාම සඳහාම පවතින “ප්‍රධාන මාවතක්”.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය මෙම මාර්ගය වසා දැමීමට පියවර ගත්තේ ඉකුත් තුන් වනදා.
ඒ හරහා ගමන් කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවට ඔවුන් අනතුරු ඇඟවීමක් සිදු කළා.
ඉරානය සමුද්‍ර සන්ධියේ පටු ස්ථානවල නවීන මුහුදු බෝම්බ අතුරා ඇති බවට සහ වෙරළබඩ මිසයිල පද්ධති සක්‍රීය කර ඇති බවට බටහිර බුද්ධි අංශ තහවුරු කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
මේ හේතුවෙන් කිසිදු වාණිජ නෞකාවකට රක්ෂණාවරණයක් නොමැතිව එම කලාපයට ඇතුළු විය නොහැකි තත්වයක් උද්ගතව තිබෙනවා.
එත් සමඟ ලොව විශාලතම නාවික සමාගම් සිය මෙහෙයුම් නතර කර ඇති අතර නෞකා 150කට අධික ප්‍රමාණයක් මේ වන විටත් සමුද්‍ර සන්ධිය දෙපස නැංගුරම්ලා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හෝමූස් වැසීමත් සමඟ ලෝක වෙළඳපොළ දැඩි කැළඹීමකට ලක්ව තිබෙනවා.
එත් සමගබොරතෙල් මිල බැරලයක් ඩොලර් 85 සීමාව ඉක්මවා ගියා.
පුරෝකථනය කර ඇත්තේ තවදුරටත් මෙම තත්වය පැවතියහොත් ඉදිරි දිනවලදී එය ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවයි.
කටාර් රාජ්‍යයේ ස්වාභාවික වායු සැපයුම අඩාල වීම නිසා යුරෝපයේ සහ ආසියාවේ විදුලි උත්පාදනයට සෘජු තර්ජනයක් එල්ල වී තිබෙනවා.
සෞදි අරාබිය සතු නැගෙනහිර බටහිර නල මාර්ගය වැනි විකල්ප මාර්ග පැවතියත් ඒවාට හෝමූස් සන්ධියෙන් ගමන් කරන මුළු තෙල් ප්‍රමාණයෙන් අඩක්වත් ප්‍රවාහනය කළ නොහැකි බවයි වාර්තා වන්නේ.
මේ නිසා ලොව පුරා බලශක්ති හිඟයක් නිර්මාණය වීමේ අවදානම ඉහළ ගොස් තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ යාම නිසා ගුවන් සහ නාවික ප්‍රවාහන ගාස්තු 20% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
මෙය ලොව පුරා භාණ්ඩ මිල ඉහළ යාමට සෘජුවම බලපානවා.
විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රවාහනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම නිසා දුෂ්කර ආර්ථිකයක් සහිත රටවලට දැඩි බලපෑම් එල්ල වනවා.
නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසා ගෝලීය කර්මාන්ත ක්ෂේත්‍රය පසුබෑමකට ලක්ව තිබෙනවා.
එය ලෝක ආර්ථිකය මහා පරිමාණ පසුබෑමකට ඇද දැමීමේ පෙරනිමිත්තක්.
මෙමඟින් අපේ රටට එල්ල වන ඉතාමත් තීරණාත්මක වෙන්න පුළුවන්.
අපේ රට ආනයනික ඉන්ධන මත යැපෙන රටක් .
ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම නිසා මෙරට ඉන්ධන මිල සූත්‍රය අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ඉදිරි දිනවලදී සංශෝධනය කිරීමට රජයට සිදු වෙන්නත් පුළුවන්.
ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාර සඳහා භාවිතා කරන තෙල් මිල ඉහළ යාම නිසා විදුලි උත්පාදන පිරිවැය වැඩි වීමේ හැකියාවකුත් පවතිනවා.
ලංකාවේ සිට මැදපෙරදිග රටවලට යවන ප්‍රධානතම අපනයන භාණ්ඩය වන “තේ” ප්‍රවාහනය කරන්නේද මෙම කලාපයේ වරායන් වෙතයි.
ගල්ෆ් සමුද්‍ර සන්ධිය වැසීම නිසා ලංකාවේ තේ අපනයනකරුවන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වී විදේශ විනිමය ලැබීම අඩාල වීමේ අවධානමකුත් ඇති වෙන්න පුළුවන්.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පනවා ඇති තහනම නොතකා සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ වාණිජ නෞකා කිහිපයක් ඉලක්ක කර ඉකුත් තුන් වනදා ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙහිදී ප්‍රධාන වශයෙන් බටහිර රටවලට අයත් තෙල් නැව් ඉලක්ක කර ඇති බවයි පැවසෙන්නේ.
ප්‍රහාරවලට අමතරව ඉරාන නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදු නීති උල්ලංඝනය කළ බව පවසමින් විදේශීය නෞකා කිහිපයක් සිය භාරයට ගෙන ඇති බවද වාර්තා වනවා.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් සිය භාරයට ගත් විදේශීය නෞකා මේ වන විට ඉරානයට අයත් බන්ඩර් අබ්බාස් වරාය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වුනා.
එම නෞකාවල සිටි කාර්ය මණ්ඩලය ඉරාන ආරක්ෂක අංශවල රැඳවුම් භාරයට ගෙන තිබෙනවා.
ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය අවධානයෙන් පසුවනවා.
මෙය එම කලාපයේ නාවික ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වීමට ප්‍රධාන හේතුවක්ව තිබෙනවා.
නෞකාවලට එල්ල වන ප්‍රහාර හමුවේ එම කලාපයේ සිටින ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය යුධ නැව් විසින් ආරක්ෂක පියවරක් ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවත් ඉරාන ඩ්‍රෝන යානා කිහිපයක් විනාශ කර ඇති බවත් විදෙස් මාධ්‍ය කියා සිටියා.
ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලට ලක් වූ තෙල් නැව් කිහිපයක් මේ වන විටත් මුහුදේ අතරමං වී ඇති බව වාර්තා වනවා.
ඉන් ඇතැම් නෞකාවල සුළු ගිනි ගැනීම් හටගෙන තිබෙනවා.
ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් සහන කණ්ඩායම් එම නෞකාවලට සහය වීමට දරණ උත්සාහය දුෂ්කරව ඇත්තේ එම කලාපයේ පවතින යුධමය අවදානම සහ මුහුදු බෝම්බ හේතුවෙන්.
සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට පැමිණි අනෙකුත් නෞකා 150 කට අධික ප්‍රමාණයක් ඕමාන් බොක්කේ සහ පර්සියානු ගල්ෆ් කලාපයේ ආරක්ෂිත ස්ථානවල නැංගුරම් ලා තිබුනා.
මෙම ප්‍රහාරවලට ලක් වූ සහ අත්අඩංගුවට ගත් නෞකා සඳහා රක්ෂණ හිමිකම් ලබා ගැනීම පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මට්ටමින් නීතිමය ගැටලු මතුව තිබෙනවා.
යුධමය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බැවින් එම නෞකාවලට සිදුවූ හානිය පියවා ගැනීමට රක්ෂණ සමාගම් මැලි කමක් දක්වන බවක් වාර්තා වනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය සති දෙකකට වඩා වසා දැමුවහොත් ලෝක ආර්ථිකයට ඉන් සිදුවන හානිය යථා තත්ත්වයට පත් කිරීමට වසර ගණනාවක් ගත වනු ඇත.
පවතින තත්වය සමනය කිරීමට ඇමරිකානු රජය සෘජුවම සම්බන්ධ වීමට පියවර ගෙන ඇත්තේ මෙවන් පසුබිමක් තුලයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ජාත්‍යන්තර රක්ෂණ සමාගම් නෞකා සඳහා ලබා දෙන රක්ෂණාවරණ අත්හිටුවීමත් සමඟ ඇමෙරිකානු රජය මැදිහත් වී විශේෂ රජයේ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ රක්ෂණ ගැටලු නිසා නතර වී ඇති තෙල් සහ ගෑස් නෞකා ගමනාගමනය නැවත ආරම්භ කිරීමයි.
මෙහිදී යම් හෙයකින් නෞකාවකට හානියක් සිදු වුවහොත් ඒ සඳහා වන පිරිවැය අමෙරිකානු රජය විසින් දරනු ලබන අතර එමඟින් නැව් සමාගම්වලට ඇති අවදානම අවම වනවා.
රක්ෂණයට අමතරව නෞකාවල ආරක්ෂාව සඳහා ඇමෙරිකානු මධ්‍යම විධානය විශේෂ මෙහෙයුමක් ආරම්භ ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
නෞකා ගමන් කිරීම සඳහා විශේෂ ආරක්ෂිත මාවත් සකස් කර තිබෙනවා.
එම මාර්ගවල ආරක්ෂාව තහවුරු කරනු ලබන්නේ අමෙරිකානු යුධ නැව් විසින්.
පර්සියානු ගල්ෆ් කලාපය පුරා ඩ්‍රෝන යානා සහ නිරීක්ෂණ ගුවන් යානා යොදවා ඇති බවටද විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
එමඟින් ඉරාන නාවික හමුදාවේ චලනයන් සහ මුහුදු බෝම්බ පිළිබඳව නෞකා දැනුවත් කිරීම සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
තෝරාගත් ඉතා වැදගත් නෞකා සඳහා සෘජුවම ඇමෙරිකානු නාවික හමුදාවේ ආරක්ෂාව ලබා දීමටද සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.
මෙම මෙහෙයුම සඳහා අමෙරිකාවට අමතරව බ්‍රිතාන්‍යය ප්‍රංශය සහ අනෙකුත් මිත්‍ර රටවල සහයෝගයද ලැබෙමින් පවතිනවා.
ඔවුන්ගේ ඒකාබද්ධ අරමුණ වන්නේ ජාත්‍යන්තර නීතියට අනුව මෙම මුහුදු මාර්ගය “නිදහස් නාවික කලාපයක්” ලෙස පවත්වාගෙන යාමයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හුදෙක් දේශපාලන ප්‍රශ්නයක් නොව මනුෂ්‍ය වර්ගයාගේම පැවැත්මට බලපාන කරුණක්.
මෙම අර්බුදය හුදෙක් කලාපීය බල අරගලයක් නොව සමස්ත ලෝකයේම ආර්ථික ස්ථාවරත්වය තීරණය කරන තීරණාත්මක සංධිස්ථානයක් ලෙසත් දක්වන්න පුළුවන්.
බලශක්ති සැපයුම අඩාල වීම හමුවේ ගෝලීය වෙළඳපොළ දැඩි පීඩනයකට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත් ඇමරිකාව ඇතුළු රටවල් මෙම ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ ආරක්ෂාව සහ රක්ෂණය තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ බලාපොරොත්තු දල්වනවා.
පවතින තත්ත්වය හමුවේ ඉන්ධන සහ බලශක්ති පරිභෝජනය කළමනාකරණය කරමින් වඩාත් බුද්ධිමත්ව මෙම අර්බුදයට මුහුණ දීම ජාතික වගකීමක් වනු ඇති.
Post Views: 1
Previous Post

ඇමෙරිකානු ප්‍රාන්ත 24ක් ට්‍රම්ප් පාලනයට එරෙහිව අධිකරණයට

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහන සලසන්න සහාය දෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා සුළි කුණාටුවෙන්  පීඩාවට පත් වූවන්ට සහන  සලසන්න සහාය දෙන්න

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහන සලසන්න සහාය දෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග අර්බුදය හමුවේ  මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

7 March 2026
NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන්  තවත් ලෝක වාර්තාවක්

NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන් තවත් ලෝක වාර්තාවක්

7 March 2026
ඉරානයේ අගවිනිසුරු මොහොමඩ් ජැෆර් මොන්ටසෙරි ඝාතනය කෙරේ

ඉරානයේ අගවිනිසුරු මොහොමඩ් ජැෆර් මොන්ටසෙරි ඝාතනය කෙරේ

7 March 2026
ශ්‍රී ලංකාව තුළ දැන් ජනතාව  විශ්වාස කරන රජයක් තිබෙනවා

ශ්‍රී ලංකාව තුළ දැන් ජනතාව විශ්වාස කරන රජයක් තිබෙනවා

7 March 2026

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ  මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

7 March 2026
NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන්  තවත් ලෝක වාර්තාවක්

NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන් තවත් ලෝක වාර්තාවක්

7 March 2026
ඉරානයේ අගවිනිසුරු මොහොමඩ් ජැෆර් මොන්ටසෙරි ඝාතනය කෙරේ

ඉරානයේ අගවිනිසුරු මොහොමඩ් ජැෆර් මොන්ටසෙරි ඝාතනය කෙරේ

7 March 2026
ශ්‍රී ලංකාව තුළ දැන් ජනතාව  විශ්වාස කරන රජයක් තිබෙනවා

ශ්‍රී ලංකාව තුළ දැන් ජනතාව විශ්වාස කරන රජයක් තිබෙනවා

7 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ  මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ධීවරයින්ට විශේෂ උපදෙස් මාලාවක්

7 March 2026
NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන්  තවත් ලෝක වාර්තාවක්

NBA ලෙජන්ඩ් ලෙබ්‍රොන් ජේම්ස්ගෙන් තවත් ලෝක වාර්තාවක්

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved