හෝමූස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබුවහොත් ඉදිරි සති 2-3 ඇතුළත ලෝක බොරතෙල් මිල බැරලයකට ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බව කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි (Saad al-Kaabi) අද (2026 මාර්තු 06) අනතුරු ඇඟවීය. ජාත්‍යන්තර වෙළඳපොළේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 89 දක්වා ඉහළ ගොස් ඇති අතර, යුද්ධය හේතුවෙන් ගල්ෆ් කලාපයේ බලශක්ති අපනයනය අඩාල වීම ගෝලීය ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් කරනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. ලෝක තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන මෙම තීරණාත්මක සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා සියලුම ගල්ෆ් බලශක්ති අපනයනකරුවන්ට සිය නිෂ්පාදන නතර කිරීමට සිදුවනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.
කටාර් රාජ්‍යයට අයත් ලොව විශාලතම ද්‍රව ස්වාභාවික වායු (LNG) නිෂ්පාදන මධ්‍යස්ථානය වන රාස් ලාෆන් (Ras Laffan) පහසුකමට ඉරාන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීමත් සමඟ පසුගිය සඳුදා සිට එහි නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ. යුද්ධය දැන් අවසන් වුවද, සැපයුම් ජාලයන් යථා තත්ත්වයට පත් කිරීමට “සති කිහිපයක් සිට මාස කිහිපයක්” දක්වා කාලයක් ගතවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මේ වන විට කටාර් සතු LNG ප්‍රවාහන නෞකා 128කින් භාවිත කළ හැක්කේ නෞකා 6ක් හෝ 7ක් වැනි සුළු ප්‍රමාණයක් පමණක් වීමත්, රක්ෂණ ගාස්තු ඉහළ යාම නිසා නෞකා හිමියන් කලාපයට පැමිණීමට බිය වීමත් මෙම අර්බුදය තවදුරටත් උත්සන්න වීමට හේතු වී තිබේ.














