ඉරාන හමුදා විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර කිරීම සහ වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රමුඛ රටවල් රැසක සන්ධානයක් නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයට ඉරානය දැඩි ලෙස ප්‍රතිචාර දක්වා තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 20කට අධික සංඛ්‍යාවක් ඉරානයේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රකාශ කර සිටියේ නිරායුධ වාණිජ නෞකා සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගැනීම පිළිගත නොහැකි බවයි.
ජපානයේ පිහිටි ඉරාන තානාපති කාර්යාලය මෙයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ රටවල් “ඇමෙරිකානු සහ ඊශ්‍රායල ආක්‍රමණිකයන්ට අනුග්‍රහය දැක්වීම” වහාම නතර කළ යුතු බවයි. හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් ගෝලීය තෙල් ප්‍රවාහනයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ඉරානය සහ ඊශ්‍රායල-ඇමෙරිකානු පාර්ශවයන් අතර පවතින මෙම ගැටුම මැදපෙරදිග කලාපය මෙන්ම සමස්ත ලෝක වෙළෙඳපොළම දැඩි අස්ථාවරත්වයකට ඇද දමා තිබේ.














