ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරයත් සමඟ ලොව වඩාත්ම තීරණාත්මක බලශක්ති මංසන්ධියක් වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් සැපයුමට බාධා එල්ල වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි NDTV වාර්තා කරයි. මෙම තත්ත්වය හමුවේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 95 සිට 110 දක්වා ඉහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ගෝලීය තෙල් සැපයුමෙන් 20%ක් පමණ ගමන් කරන අතර, ඉරානය විසින් මෙම මාර්ගය අඩාල කිරීමට පියවර ගතහොත් දැඩි සැපයුම් කම්පනයක් ඇති විය හැකිය. දැනට ඩොලර් 70ක පමණ පවතින බැරලයක මිල, භූ-දේශපාලනික අවදානම හේතුවෙන් ඩොලර් 110 සීමාව ඉක්මවා යා හැකි බව එම වාර්තා පෙන්වා දෙයි.














