• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලබන දැඩි කඩිනම් ක්‍රියාමාර්ග

25 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරම් උවදුරට එරෙහිව සටන් කිරීම සඳහා තවත් ක්‍රියාකාරි පියවර රැසක් ආරම්භ කිරීමට කටයුතු කරන බව මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය පවසයි.

මිනිස් ජාවාරම මැඬලීම සඳහා විමර්ශන බලධාරීන් සහ බුද්ධි අංශ සමඟ සෘජු සම්බන්ධීකරණයෙන් වඩාත් ශක්‍තිමත් ආයතනික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අරමුණින් මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකායේ සභාපතිත්වය මේ වසරේ ජුලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව අධිකරණ අමාත්‍යාංශයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත භාර දෙන ලදි.

මේ වසරේ අගෝස්තු මාසයේදී පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛන උපදෙස් හරහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ මිනිස් වෙළඳාම්, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය ස්ථාපිත කර මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් විමර්ශනය කර වැරදිකරුවන්ට එරෙහිව අධිකරණ කටයුතු ආරම්භ කිරීමේ බලතල ඊට පැවරීමට කටයුතු කර තිබුණි.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් ජාතික බුද්ධි ප්‍රධානීගේ සභාපතිත්වයෙන් යුක්තව පත් කරන ලද කාර්ය සාධක බලකාය නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, කම්කරු, විදේශ රැකියා, ප්‍රවර්ධන සහ වෙළඳපල විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව, අපරාධවලට ගොදුරු වූවන් සහ සාක්ෂිකරුවන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය සහ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විතය.

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ඉන්දුනීසියානු කාන්තාවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ඒකකය පසුගිය නොවැම්බර් මාසයේදී කටයුතු කර ඇත. ඉහත කී කාන්තාවන් මිනිස් ජාවාරමට ගොදුරු වීමේ හැකියාව පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව අදාළ විමර්ශනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අලුතින් ස්ථාපිත කර ඇති මිනිස් ජාවාරම් අංශය වෙත පවරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමට කාර්ය සාධක බලකාය කටයුතු කර තිබුණි. එම කොට්ඨාශය කඩිනම් ක්‍රියාමාර්ගයක් ගෙන ඇති අතර, මාසයකට අඩු කාලයකින් එනම්, 2021 දෙසැම්බර් 23 වන දින එහි ප්‍රධාන වැරදිකරු වන ජාඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මීට එරෙහිව ඉක්මනින්ම අධිකරණයේ නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

එසේම, මූලාශ්‍ර කිහිපයක් ඔස්සේ දැනුවත් වීමෙන් පැය කිහිපයක් ඇතුළත, මිනිස් ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස 2021 දෙසැම්බර් 16 වැනි දින කාර්ය සාධක බලකාය විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලද අතර, අපරාධ පරී‍ක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළඳාම්, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ කොට්ඨාසය මෙම කාරණය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන කටයුතු මේ වනවිටත් අඩක් අවසන් කර ඇත.

අන්තර් ජාතික සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුකූලව, විශේෂයෙන්ම කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැළැක්වීම, මර්ධනය කිරීම සහ දඬුවම් කිරීම සඳහා වූ නියමයන්ට සමගාමීව, දේශීය ව්‍යවස්ථාදායක ප්‍රතිපාදන වඩාත් ගැලපෙන පරිදි ගෙන ඒමට කටයුතු කරමින් 1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත සංශෝධනය කිරීමටත්, 1948 අංක 20 දරණ ආගමන විගමන පනත තවදුරටත් සංශෝධනය කිරීමටත් අවශ්‍ය කටයුතු කරමින් පවතී.

ඉදිරි වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරම් උවදුරට එරෙහිව සටන් කිරීම සඳහා තවත් ක්‍රියාකාරි පියවර රැසක් ආරම්භ කිරීමට කාර්ය සාධක බලකාය අදහස් කරන අතර, ඉහත දක්වා ඇති පරිදි සිදුවිය හැකි මිනිස් ජාවාරම් සිදුවීම් පිළිබඳව කඩිනමින් දැනුවත් කිරීම සඳහා සාමාන්‍ය මහජනතාවගේ සහ අදාළ සියලුම ආයතනවල සහයෝගය අපේක්‍ෂා කරමු.

Post Views: 5
Previous Post

තලවකැලේට පශූ වෛද්‍ය රසායනාගාරයක් ජනතා අයිතියට පත් කිරීම මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

Next Post

සුනාමි ව්‍යසනයට වසර 17 යි !

editor

editor

Next Post

සුනාමි ව්‍යසනයට වසර 17 යි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි

ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි

19 September 2025
බොල්ෂෙවික් පක්ෂයට භටයින් 10,000ක්  | පොහොට්ටුවේ රහස හෙළිවෙයි

බොල්ෂෙවික් පක්ෂයට භටයින් 10,000ක්  | පොහොට්ටුවේ රහස හෙළිවෙයි

19 September 2025
අනතුරු ඇඟවීමේ නිවේදනයක්

අනතුරු ඇඟවීමේ නිවේදනයක්

19 September 2025
ඛනිජ තෙල් සංස්ථාවේ රැකියා අයදුම්පත් කැඳවේ – හිතවත්කම් මත රැකියා දෙන්නේ නැහැ

ඛනිජ තෙල් සංස්ථාවේ රැකියා අයදුම්පත් කැඳවේ – හිතවත්කම් මත රැකියා දෙන්නේ නැහැ

19 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි

ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි

19 September 2025
බොල්ෂෙවික් පක්ෂයට භටයින් 10,000ක්  | පොහොට්ටුවේ රහස හෙළිවෙයි

බොල්ෂෙවික් පක්ෂයට භටයින් 10,000ක්  | පොහොට්ටුවේ රහස හෙළිවෙයි

19 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved