මහ බැංකු වංචාවට චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ව පොඩි ලැසී ලංකාවට රැගෙන ආ ආකාරයටම ගෙන එන බවට තමන් කිසිදු ප්‍රකාශයක් නොකළ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. සමාජ මාධ්‍ය අවභාවිත කරමින් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක ලාංඡනය යොදාගෙන අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම තමන් පිළිකුළින් යුතුව හෙළා දකින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි අදාළ ව්‍යාජ පුවත පළකරමින් මෙම කරුණු පැහැදිලි කර ඇත.















