ඉදිරියේදී පැවැත්වීමට නියමිත ගුරු විභාග දෙකක් සම්බන්ධයෙන් පවතින නඩු කටයුතුවලට අදාළ අධිකරණ තීන්දුවලට අනුකූලව එම විභාග පවත්වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පෙන්වා දුන්නාය.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය විශේෂයෙන් සඳහන් කළේ, උපාධිය ලබාගත් දිනය සම්බන්ධයෙන් පනවා ඇති කොන්දේසි හේතුවෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වූ උපාධිධාරීන්ගේ ඉල්ලීම් රජය සැලකිල්ලට ගෙන ඇති බවයි. ඒ අනුව, එම කොන්දේසි සංශෝධනය කර තරුණ උපාධිධාරීන්ට වැඩි අවස්ථාවක් ලබා දීම සඳහා අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට කටයුතු කර ඇති බව ද ඇය අනාවරණය කළාය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා රජය කැපවී සිටින අතර, මෙම නීතිමය බාධාවන් ඉවත් වූ වහාම විභාග කටයුතු සිදු කිරීමට නියමිතය.














