සූරියවැව, වැවේගම පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) අයත් කොන්ක්‍රීට් අංගනයේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකු මුව මස් තොගයක් ළඟ තබාගෙන සිටියදී අද (17) සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මිද්දෙනිය, පනාමුර පාරේ පදිංචි 45 හැවිරිදි පර්යේෂණ සහකාරවරයෙකු සහ සූරියවැව, පහළ අන්දරවැව පදිංචි 28 හැවිරිදි කම්කරු සේවකයෙකු වන බව පොලිසිය පවසයි. සූරියවැව පොලිස් ස්ථානයට ලැබුණු රහසිගත තොරතුරක් මත ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් අදාළ සේවා ස්ථානය වටලා ඇති අතර එහිදී සැකකරුවන් සන්තකයේ තිබී මුව මස් කිලෝග්‍රෑම් 5.05 ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සූරියවැව පොලිස් ස්ථානාධිපති රාජරත්නම් මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් පුෂ්පකුමාර (37337) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.














