යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව ගෝනහේන විශේෂ බලකා නිලධාරීන් සහ යුද හමුදා බුද්ධි අංශය එක්ව සිදු කළ ඒකාබද්ධ වැටලීමකදී හෑෂ් (Hashish) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුමේදී සැකකරු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය තොගයට අමතරව ඔහු ගමන් ගත් ස්කූටර් වර්ගයේ යතුරුපැදිය ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 300 ක් (රුපියල් මිලියන 30 ක්) පමණ වන බව නිලධාරීන් විසින් ඇස්තමේන්තු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත. මෑත කාලීනව සිදු කළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය වැටලීමක් ලෙස මෙය සැලකෙන අතර, මෙම ජාවාරම පිටුපස සිටින සෙසු පුද්ගලයන් සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය අනාවරණය කර ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. රජය විසින් ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය මර්දන ජාතික වැඩසටහනට සමගාමීව ආරක්ෂක අංශ සිය මෙහෙයුම් දැඩි කර ඇති පසුබිමක මෙම සාර්ථක වැටලීම සිදු කර ඇත.














