ගාල්ල, බටපොල ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ව්‍යාජ අංක තහඩු සවිකළ යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ. ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම යතුරුපැදිය 2024 වසරේදී කරන්දෙණිය පොලිස් වසමෙන් සොරාගන්නා ලද එකක් බවයි. සැකකරු විසින් මෙහි නියමිත අංක තහඩු ඉවත් කර ව්‍යාජ අංක තහඩු සවිකර තිබී ඇත. එසේම, මෙම සැකකරු මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ.
අදාළ යතුරුපැදිය කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා යොදාගෙන තිබේද යන්න සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මේ වන විට පුළුල් පරීක්ෂණ පවත්වයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සොරාගත් වෙනත් වාහන මෙම ජාලය හරහා අලෙවි කර ඇත්දැයි යන්න පිළිබඳව ද පොලිසියේ අවධානය යොමු වී ඇත.














