පෝද්දල පොලිස් වසමේ සෙරියගොඩ හංදිය අසලදී මත්පෙති 900ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු 2026 පෙබරවාරි 12 වන දින අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) රත්ගම කඳවුරේ නිලධාරීන් සමත්ව තිබේ.
මෙම සාර්ථක වැටලීම සිදු කිරීමට යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද නිශ්චිත තොරතුරක් උපකාරී වී ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල, හපුගල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පෙති තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෝද්දල පොලිස් ස්ථානය වෙත භාර දීමට රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පියවර ගෙන ඇත. ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ආරක්ෂක අංශ මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.














