පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ඊයේ (27) පස්වරුවේදී පොලිසිය විසින් සිදු කල වැටළිමකදී මරන ලද කැස්බෑවන් සිව් දෙනෙකු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 වන බොගහවත්ත, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (28) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.
			
                                
                                
							











