ශ්‍රී ලංකාවේ වේගයෙන් වයස්ගත වන ජනගහනය මුහුණ දෙන සෞඛ්‍ය සහ සමාජීය අභියෝගයන්ට විසඳුම් ලබා දීමේ අරමුණින්, ප්‍රමුඛ පෙළේ පෝෂණීය සන්නාමයක් වන සස්ටජෙන් (Sustagen) විසින් විශේෂ ජාතික වැඩපිළිවෙළක් දියත් කර තිබේ. “දෙමාපියන් වයසට යන එක නවත්තන්න බැරි වුනත්, වයසට යන විදිහ වෙනස් කරන්න අපට පුළුවන්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් අවධාරණය කරන්නේ, නිසි පෝෂණය සහ ක්‍රියාශීලී ජීවන රටාව තුළින් වැඩිහිටියන්ට වඩාත් ස්වාධීන සහ ජව සම්පන්න විශ්‍රාම දිවියක් ගත කළ හැකි බවයි. 2030 වන විට මෙරට සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් අයෙකුම අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියෙකු වනු ඇතැයි ගණන් බලා ඇති පසුබිමක, මෙම මැදිහත්වීම කාලෝචිත පියවරක් ලෙස සැලකේ.
මෙම ජාතික කර්තව්‍යය නිල වශයෙන් එළිදැක්වීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) විශේෂ විද්වත් සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මධුර ජයසිංහ මහතා පෙන්වා දුන්නේ, වයස්ගත වීමේදී ක්‍රියාශීලී බව, ප්‍රතිශක්තිය සහ මතක ශක්තිය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ 24 කින් සමන්විත සස්ටජෙන් වැනි අතිරේක පෝෂණයන් මහඟු රුකුලක් වන බවයි. මෙම අවස්ථාවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් සහ ජනප්‍රිය කලාකරු රොෂාන් රණවන ඇතුළු ප්‍රමුඛ පෙළේ පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් ද වයස්ගත වන දෙමාපියන් රැකබලා ගැනීමේදී පෝෂණයේ ඇති වැදගත්කම පිළිබඳව සිය අත්දැකීම් බෙදාගත්හ.
Reckitt Sri Lanka සමාගම පවසන්නේ මෙය හුදෙක් සන්නාම ප්‍රවර්ධන වැඩසටහනක් පමණක් නොව, සුවපත් මවුපිය පරපුරක් හරහා වඩාත් ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජාතික මෙහෙවරක් බවයි. උත්සවය අතරතුර ක්‍රියාත්මක වූ ‘Sustagen Nutrition Lab’ හරහා සහභාගී වූවන්ට තම පෝෂණ ඌනතා හඳුනා ගැනීමටත්, සෞඛ්‍ය සම්පන්නව වයසට යාම සඳහා අවශ්‍ය ප්‍රායෝගික උපදෙස් ලබා ගැනීමටත් අවස්ථාව උදා විය. දෙමාපියන්ගේ විශ්‍රාම දිවිය තවදුරටත් හුදෙකලා වූවක් නොවී, එය අර්ථවත් සහ නිරෝගී එකක් බවට පත් කිරීම සඳහා දරුවන් දිරිමත් කිරීම සස්ටජෙන්හි මූලික අරමුණයි.














