8 September 2024
#දේශීය #පුවත්

සර්ව ජන බලය නමින් දේශපාලන ව්‍යාපාරයට දිලිත් සමඟ ස්වාධින මන්ත්‍රීවරුන් අත්සන් තබයි

සර්ව ජන බලය නමින් එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘ නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබීය.

ඒ සඳහා පිවිතුරු හෙළ උරුමය නායක , උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නායක වාසුදේව නානායක්කාර මහතා වෙනුවෙන් ලේකම්, ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ ,ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී විරසීංහ, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග , මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහත්වරුන් අතින් මෙම අත්සන් තැබීම සුබ මොහොතින් සිදුවිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *