උණවටුන ප්‍රදේශයේ සංචාරක වෙළෙඳසලකින් රුපියල් 15,500ක් වටිනා චිත්‍රයක් සොරකම් කළ බවට චෝදනා ලැබූ 52 හැවිරිදි ස්වීඩන් ජාතික කාන්තාවක රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතා නියෝග කළේය. පසුගිය 11 වැනිදා රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති අතර, වෙළෙඳසල් සේවිකාවක කළ පැමිණිල්ලකට අනුව හබරාදුව පොලීසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි. නඩුව හෙට (20) නැවත කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, එදිනට අධිකරණ භාරයේ ඇති චිත්‍රය එහි අයිතිකරුට භාර දෙන ලෙස ද නියෝග කළේය.














