ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අද ( 04 ) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.
දෙරටට අදාල විවිධ කරුණු පිළීබඳ සාකච්ඡාවට ලක් කල අතර අමාත්‍යවරයා විසින් අනාගතයේ දී අධිකරණ හා නීතිය පසඳලිමේ ක්ෂේත්රයන් තුල සිදුකිරීමට බලාපොරොත්තු වන පියවරයන් පිළිබඳ මෙහිදි ප්‍රකාශ කරන ලදි.
බන්ධනාගාර තුල තදබදය නිසා ඇතිවි ඇති තත්වයන් පිළිබඳව හා ඊට යෙදීමට බලාපොරොත්තු වන පියවරයන්ද නීතිය පසඳලිමට ඇති ආයතන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ගැනද මෙහිදි වැඩි දුරටත් සාකච්ඡා විය.
මෙම අවස්ථාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පලමු ලේකම් සිඩෝනියා ගේබ්‍රියල් සහ ගරු අධිකරණ අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග යන මහත්ම මහත්මින් ද සහභාගි විය.