2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මූලික වටයේ ප්‍රථම තරගය අද (08) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. මෙහිදී ශ්‍රී ලංකාවට එරෙහිව අයර්ලන්ත කණ්ඩායම තරග වැදීමට නියමිතය.
තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ (07) දිනයේදී සිය අවසන් පුහුණු සැසියට සහභාගී වී තිබේ. මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සාර්ථක ආරම්භයක් ලබා ගැනීම සඳහා මෙම තරගය තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














