පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උද්යෝගිමත් අවසන් මහා තරගය අද (08) ඉන්දියාවේ අහමදාබාත්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර ශූරතාව වෙනුවෙන් සත්කාරක ඉන්දියාව සහ නවසීලන්ත කණ්ඩායම එකිනෙකා හමුවේ තරග වැදීමට නියමිතය.
මෙම තරගයට අදාළ වැදගත් කරුණු කිහිපයක් මෙසේය. ඉන්දියාව මීට පෙර අවස්ථා තුනකදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර ඉන් අවස්ථා දෙකකදී (2007 සහ 2024) ලෝක ශූරයන් බවට පත්ව තිබේ. 2014 වසරේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වී ඔවුන් අනුශූරතාව දිනා ගත්තේය.
නවසීලන්තය මීට පෙර 2021 වසරේදී අවසන් මහා තරගයට පිවිසි අතර එහිදී ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීම නිසා ඔවුන්ට හිමි වූයේ අනුශූරතාවයයි. ඒ අනුව නවසීලන්තය අද පිටියට පිවිසෙන්නේ සිය මංගල පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතාව දිනා ගැනීමේ දැඩි අභිලාෂයෙනි.














