2026 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව සහ අවසන් මහා තරග සඳහා ප්‍රවේශ පත්‍ර අද (24) සිට tickets.t20worldcup.com වෙබ් අඩවිය හරහා නිකුත් කර තිබේ. මාර්තු 4, 5 සහ 8 යන දිනවල පැවැත්වෙන මෙම තරගවල ක්‍රීඩාංගණ තීරණය වන්නේ ‘සුපිරි 8’ වටයේ ප්‍රතිඵල මතය. විශේෂයෙන්ම පාකිස්ථානය හෝ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ හැකියාව මත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය ප්‍රධාන තරග සත්කාරකත්වයට සූදානමින් පවතී. යම් හෙයකින් තරගය පැවැත්වෙන ස්ථානය වෙනස් වුවහොත් ප්‍රවේශ පත්‍ර සඳහා ගෙවූ මුදල් නැවත ලබා දීමට (Refund) සංවිධායකයින් පොරොන්දු වී ඇත.












