කලාපීය සහයෝගීතාවය මඟින් සමුද්‍රීය පරිසරය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කළ “TABLE TOP – 2026” අභ්‍යාසය මාර්තු 16 සහ 17 දෙදින පුරා මිරිස්ස වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී සාර්ථකව පවත්වා තිබේ.
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, සමුද්‍රීය තෙල් විසිරුම් පාලනය සහ මුහුදේදී අනතුරට පත්වන නාවික හා ධීවර ප්‍රජාව මුදවා ගැනීමේ (SAR) මෙහෙයුම් සම්බන්ධයෙන් සාමූහිකව ප්‍රතිචාර දක්වන ආකාරය මෙහිදී ප්‍රගුණ කෙරිණි
සමුද්‍රීය නීතිය, සරණාගතයින් පිළිබඳ ජාත්‍යන්තර නීති, SUA සහ සමුද්‍රීය දූෂණය වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳව දේශීය හා විදේශීය නිලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය
බංගලාදේශය, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල වෙරළ ආරක්‍ෂක නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) සහ රේගුව ඇතුළු දේශීය ආයතන රැසක නියෝජිතයෝ මෙයට සහභාගී වූහ
මධ්‍යධරණී මුහුදේ රුසියානු නෞකාවක් පුපුරායාමේ අවදානම සහ මෙරට අහසේ ඩ්‍රෝන යානා පියාසර කරවීම තහනම් කිරීම වැනි සමකාලීන ආරක්ෂක අභියෝග හමුවේ, මෙවැනි කලාපීය ආරක්ෂක අභ්‍යාස පැවැත්වීම කාලෝචිත පියවරක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් අභ්‍යාසය නිමාවට පත්වූ අතර, සහභාගී වූවන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.














