• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තාක්ෂණික සේවා සමාගම මාස 04ට රුපියල් මිලියන 20.81ක ලාභයක් – පරිසර අමාත්‍යංශය

21 June 2021
in දේශීය

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය යටතේ පවතින සියයට 100ක්ම රජයට අයත් සමාගමක් වන තාක්ෂණික සේවා සමාගම 2021 වසරේ පළමු මාස 04 තුළ රුපියල් මිලියන 20.81ක ලාභයක් උපයා ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

2020 වසරේ දී මෙම සමාගම පාඩු ලැබු අතර මේ වසරේ දී එසේ ලාභ උපයන තත්ත්වයට පත් කර ගැනීමට හැකි වුයේ එම සමාගමේ සේවය කරන කාර්ය මණ්ඩලවල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ගත් පියවර නිසා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම සමාගම විසින් සපයන ලද සේවාවන් අනුව ලැබු සමස්ත ආදායම මෙම වසරේ පළමු මාස 04 තුළ රු. මි. 239.76කි. එමෙන්ම එම කාලය තුළ වැටුප් හා වෙනත් කටයුතු සඳහා කළ වියදම රුපියල් මිලියන 218.95කි. ඒ අනුව මෙම මුල් මාස 04 ලාභය රු. මි. 20.81ක් යැයි එම සමාගමේ ප්‍රධාන විධායක නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා පැවසීය.

තාක්ෂණික සේවා සමාගමේ ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගියදා පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එහිදී මෙම කරුණු හෙළිදරව් විය. මෙම වසර තුළ ලාභය උපරිම කිරීමට කටයුතු කරන ලෙසත්, එසේ ලාභ උපරිම කිරීම සඳහා කටයුතු කළ හොත් කාර්ය මණ්ඩල සඳහා බෝනස් ලබා දීමට පියවර ගන්නා බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වැලි සැපයීමේ දී එම කටයුතු මනාව කළමනාකරණය කිරීම කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ වනවිට සිදු කර ඇති තක්සේරුවකට අනුව 2021- 2015 දක්වා කාලය තුළ රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය වැලි ප්‍රමාණය ඝන මීටර් මිලියන 55කි. නමුත් දැනට හඳුනාගෙන ඇති පරිදි එම කාලය තුළ අපිට ලබා ගත හැක්කේ වැලි ඝන මීටර් මිලියන 41කි.

එමනිසා අඩු මිලට වැලි සැපයීම සඳහා වැලි සැපයීම් මධ්‍යස්ථාන කිහිපයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා තාක්ෂණික සේවා සමාගමට උපදෙස් දුන්නේය. මෙම මධ්‍යස්ථානවලින් දෙකක් අඹතලේ හා කෑගල්ල පළමුවෙන් ස්ථාපිත කෙරේ. ඉන් අනතුරුව අතුරුගිරිය, රත්මලාන හා මහනුවර ද තවත් මධ්‍යස්ථාන තුනක් පිහිටුවීමට සැළසුම් කර තිබේ.
වැලි ජාවාරම්කරුවන් විසින් වැඩි මිලට ගුණාත්මක භාවයෙන් අඩු වැලි අලෙවි කරමින් පාරිභෝගිකයින් සූරා කෑම වැළැක්වීම සඳහා තාක්ෂණක සේවා සමාගම රජයේ ආයතනයක් වශයෙන් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එම සමාගම විසින් දැනට සිදු කරන වැලි කැණීම් හා අලෙවි කටයුතුවලට අමතරව කැල්සියම් කාබනේට් නිෂ්පාදනයටත්, කාබනික පොහොර හා කාබනික වල්නාශක නිෂ්පාදනයටත් දායක කර ගැනීමට ද සැලසුම් කර තිබේ.

 

 

Post Views: 5
Previous Post

කොරෝනා මර්දනයට සෞඛ්‍ය සේවයත් එක්ක සියළු රාජ්‍ය සේවකයින් එක්විය යුතුයි – ඇමැති පවිත්‍රා

Next Post

කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගනි

editor

editor

Next Post

කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved