සීදූව පොලිස් වසමේ සීදූව – කොවුල්ගොඩ මාර්ගයේ 03 කණුව අසලදී සිදුවූ දරුණු රිය අනතුරකින් යතුරුපැදිකරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර ඊයේ (11) රාත්‍රී කාලයේදී සිදුව ඇති බව වාර්තා වේ.
කොවුල්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සීදූව විජය කුමාරතුංග රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි. අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සීදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














