• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

TEG සමූහය සිය අභිමානවත් 25 වන සංවත්සරය සමරයි

2 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Tropicoir Lanka (Pvt) Ltd, Euro Substrates (Pvt) Ltd, සහ Growrite Substrates (Pvt) Ltd යන ආයතනවලින් සමන්විත, තිරසාර නවෝත්පාදන පුරෝගාමියෙකු වන TEG සමූහය සිය 25 වන සංවත්සරය සැමරීම පිළිබඳ ව සාඩම්බර නිවේදනය කරයි.

1998 වසරේ දී ආරම්භ කෙරුණු Tropicoir Lanka (Pvt) Ltd සමාගම මගින් පොල් ලෙලි උපයෝගී කරගනිමින් පරිසර හිතකාමී උපස්තර නිෂ්පාදන ලොව පුරා වෙළෙඳපොළ වෙත නිකුත් කරන අතර, වර්තමානය වන විට මෙම නිෂ්පාදන ගෝලීය වශයෙන් උද්‍යාන විද්‍යාව, පාරිසරික ආරක්ෂාව සහ සුරතල් සතුන් සඳහා භාවිත වන ඇතිරිලි ආදී ක්ෂේත්‍ර සඳහා භාවිත වේ.

TEG සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙන් ම දූරදර්ශී ව්‍යවසායකයෙකු වන දිනේෂ් ප්‍රනාන්දු මහතා විසින් දැඩි අරමුණකින් යුක්ත ව, ඉතා කුඩාවට ආරම්භ කරන ලද, මෙම ව්‍යාපාර සමූහය වර්තමානය වන විට සියලු පාර්ශ්වකරුවන් වෙත ඉහළ ම වටිනාකම් නිර්මාණය කිරීමට කටයුතු කරන අතර, අද වන විට එම සමූහය නවෝත්පාදන හා තිරසාර භාවිතයන් පිළිබඳ කීර්තියක් අත් කර ගනිමින්, ප්‍රමුඛතම සමාගම් සමූහයක් බවට පත් ව තිබේ.

වර්ෂ 2000 දී, TEG සමූහය නෙදර්ලන්තයේ Vander Knaap සමූහය සමඟ හවුල්කාරිත්වයක් ගොඩනඟා ගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2000 වසරේ දී Euro Substrates (Pvt) Ltd සහ 2006 වසරේ දී Growrite Substrates (Pvt) Ltd (BOI අනුමත) යන සමාගම් ආරම්භ කෙරිණි. මෙම සහයෝගීතාව ගෝලීය බහුජාතික සමාගම් සමඟ කරට කර සිටිමින්, නවෝත්පාදන හරහා කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කිරීම සඳහා මග පෑදුවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානය වන විට TEG සමූහය, සමස්ත ශ්‍රී ලාංකේය කොහු කර්මාන්තයේ වර්ධනය සඳහා දායකත්වය ලබා දෙන සුවිශේෂී සමාගම් සමූහයක් බවට පත් ව ඇති බව පැවසිය යුතු ම කරුණකි.

2011 වසරේ දී, Tropicoir Lanka සමාගම කැනඩාවේ Premier Tech, සමඟ එක් ව පාරිසරික ආරක්ෂණයේ පෙරළිකාර නිෂ්පාදනයක් හඳුන්වා දෙමින්, පොල් ලෙලි මඟින් නිපදවන උපස්තර ආශ්‍රිත අප ජලය පිරිපහදු කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට කටයුතු කළ අතර, එය පෘථිවි ගෝලය ආරක්ෂා කිරීමට මෙන් ම තිරසාර අනාගතයක් කරා යන ගමන් මඟ ස්ථාවර කිරීමට ද දායකත්වය ලබා දෙන බව පැවසුවහොත් එය නිවැරදිය. වසර ගණනාවක් පුරා, TEG සමූහය මහද්වීප හයක් පුරා සිය ප්‍රවේශය සහ බලපෑම පුළුල් කිරීමට සමත් වී ඇති අතර, වාර්ෂිකව රටවල් 40කට අධික සංඛ්‍යාවකට අගය එකතු කරන ලද උපස්තර නිෂ්පාදන බහාලුම් 2000කට අධික ප්‍රමාණයක් අපනයනය කරමින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් උපයා දෙයි.

සිය වාණිජමය සාර්ථකත්වයට අමතරව, විවිධ සමාජ සත්කාරක වැඩසටහන් හරහා සමාජය වෙත සේවා සලසන TEG සමූහය, අවම පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් නිවාස 85 කට අධික සංඛ්‍යාවක් ඉදි කර දීමට, පාසල් සහ රෝහල් ප්‍රතිසංස්කරණය කිරීමට, Growrite ඉංග්‍රීසි හා ICT ඇකඩමිය හරහා සිසුන් සවි බල ගැන්වීමට සහ කුලියාපිටියේ ළමුන් 85ක් රැක බලා ගන්නා ළමා නිවාස දෙකක් ස්ථාපිත කිරීමට ද කටයුතු කර ඇත. ශ්‍රී ලංකාව තුළ සෘජු රැකියා අවස්ථා 1,300 ක් සහ වක්‍ර රැකියා අවස්ථා 2,000 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති TEG සමූහය, නිෂ්පාදනාගාර 6ක් ස්ථාපනය කර ඇති අතර, සිය නිෂ්පාදනාගාර ජාලය ඉන්දියානු උප මහාද්වීපය දක්වා ව්‍යාප්ත කිරීමට සමත් වී ඇත.

TEG සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ප්‍රනාන්දු මහතා, සිය සමාගම් සමූහයේ සාර්ථකත්වය පිළිබඳ ව කෘතඥතාව පළ කරමින් ප්‍රකාශ කළේ, “තිරසාරභාවය තුළින් ජන ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීම අපගේ ප්‍රධාන අරමුණයි. අපගේ සාර්ථකත්වයට TEG කණ්ඩායමේ නො සැලෙන කැපවීම වගේ ම අපගේ හවුල්කරුවන්ගේ හා ගනුදෙනුකරුවන්ගේ විශ්වසනීය සහයෝගය සුවිශේෂී හේතුවක් වුණා. පාරිසරික ගැටලුවකට පිළියම් ලබා දෙන අතරතුර සියලු ම පාර්ශ්ව කරුවන් වෙත ප්‍රතිලාභ ලබා දීමට අප සමත් වෙලා තිබෙනවා. ඒ වගේ ම හරිත අනාගතයක් ගොඩනැඟීම හරහා ජනතාව සවි බල ගන්වමින්, පෘථිවි තලය ආරක්ෂා කිරීමට සහයෝගය ලබා දෙන අතරතුර, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය විදේශ විනිමය ඉපයීමට හැකි වීම පිළිබඳ ව අපි සිහිපත් කරන්නේ නිහතමානී අභිමානයකින්. අපි අනාගතය පිළිබඳ විශ්වාසයෙන් යුතු ව අපගේ අරමුණ සඳහා නිරන්තරයෙන් කැප වෙනවා.” යනුවෙනි.

TEG සමූහය සිය ආචාර ධර්ම පද්ධතියට අනුකූල වෙමින් දියත් කරන ‘අනාගතය වවමු (Let’s Grow Our Future)’ වැඩසටහන තිරසාරත්වය වෙනුවෙන් එම සමූහයේ කැපවීම පිළිබිඹු කරයි. එම වැඩසටහනට සමගාමී ව අද වන විට දිවයින පුරා පොල් ගස් 150,000කට අධික ප්‍රමාණයක් සිටුවා ඇති අතර, වර්ෂ 2027 වන විට එම ප්‍රමාණය 500,000 දක්වා වර්ධනය කිරීම TEG සමූහයේ ඉලක්කයයි. පරිසරය රැක ගැනීම වෙනුවෙන් සහය වීම මෙන් ම මෙරට තරුණ පරම්පරාව තුළ පාරිසරික වගකීම පිළිබඳ හැඟීම වර්ධනය කිරීම එම වැඩසටහනේ ප්‍රධානතම අරමුණයි.

නිෂ්පාදන නවෝත්පාදනය පිළිබඳ වසර 25 ක විශේෂඥ දැනුමකින් සහ ගෝලීය මට්ටමේ හවුල්කරුවන්ගෙන් සමන්විත ශක්තිමත් ජාලයකින් සමන්විත TEG සමූහය, කොහු ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය වෙත තිරසාර විසඳුම් ලබා දීම හරහා ගෝලීය උද්‍යාන විද්‍යා කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් සිටී.

පිටපත – PR

Post Views: 3
Previous Post

නව උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට සූදානම් – ඇමති සුසිල්

Next Post

ලෝක පොල් දිනයට සමගාමීව දෙවනි පොල් ත්‍රිකෝණය උතුරින් – අමාත්‍ය රමේෂ්

editor

editor

Next Post

ලෝක පොල් දිනයට සමගාමීව දෙවනි පොල් ත්‍රිකෝණය උතුරින් - අමාත්‍ය රමේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved