ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවර පිහිටි ප්‍රධාන බස් නැවතුම්පොළක් ආසන්නයේ අද (28) සවස් කාලයේදී ප්‍රබල පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවට සමගාමීව මෙම පිපිරීම සිදුව ඇති අතර, එය මිසයිලයක් සෘජුවම පතිත වීමක් ද නැතහොත් ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කරන ලද මිසයිලයක සුන්බුන් කඩා වැටීමක් ද යන්න පිළිබඳව මෙතෙක් නිල තහවුරු කිරීමක් කර නොමැත.
පිපිරීමත් සමඟ ප්‍රදේශයේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති අතර, එම ස්ථානයෙන් විශාල දුම් පටල නැඟෙන අයුරු සමාජ මාධ්‍ය වීඩියෝවල දැක්වේ. ඊශ්‍රායල හදිසි සහන සේවා කණ්ඩායම් වහාම එම ස්ථානයට ළඟා වී ඇති අතර, ජීවිත හානි හෝ තුවාල ලැබූවන් පිළිබඳව තොරතුරු මේ වන විට වාර්තා වෙමින් පවතී. ටෙල් අවිව් නගරය පුරා තවමත් යුද සයිරන් නාදය දෝංකාර දෙන අතර, සියලුම වැසියන්ට වහාම ආරක්ෂිත බංකර් (Shelters) තුළට යන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) දැඩිව අවධාරණය කර ඇත.














