ලන්ඩන් ප්‍රවාහන සේවයේ (TfL) අභ්‍යන්තර පරිගණක පද්ධතියට 2024 වසරේදී එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් පුද්ගලයන් මිලියන 10කගේ පමණ පෞද්ගලික දත්ත සොරකම් කර ඇති බව බීබීසී පුවත් සේවය විසින් සොයාගෙන තිබේ. ‘Scattered Spider’ නමැති සයිබර් අපරාධ කල්ලිය විසින් එල්ල කළ මෙම ප්‍රහාරය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වාර්තා වූ විශාලතම දත්ත සොරාගැනීම්වලින් එකක් ලෙස සැලකෙන අතර මින් පෙර අදාළ ආයතනය ප්‍රකාශ කර තිබුණේ පාරිභෝගිකයන් සීමිත පිරිසකගේ දත්ත පමණක් අවභාවිත වී ඇති බවයි. මෙම දත්ත සොරාගැනීම සහ සබැඳි සේවා අඩාල වීම හේතුවෙන් ලන්ඩන් ප්‍රවාහන සේවයට සිදුව ඇති සමස්ත පාඩුව පවුම් මිලියන 39ක් හෙවත් රුපියල් කෝටි 1,500කට අධික වන අතර මිලියන ගණනකගේ සංවේදී තොරතුරු අපරාධකරුවන් අතට පත්වීම නිසා ඔවුන් විවිධ මාර්ගගත වංචාවන්ට ලක්වීමේ බරපතල අවදානමක් පවතින බව ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවති. ලොව පුරා සයිබර් ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු වී ඇති මෙවැනි සමයක පුද්ගලික දත්තවල රහස්‍යභාවය තහවුරු කිරීමේ ඇති වැදගත්කම මෙම සිදුවීමෙන් නැවත වරක් තහවුරු වී තිබේ.














