• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමේ 12 වැනි සාකච්ඡා වටය කොළඹ දී

2 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම නැවත ආරම්භ කරමින් එහි 12 වැනි සාකච්ඡා වටය පසුගිය ඔක්තෝබර් 30වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා කොළඹ දී පැවැත් වු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙරට පවතින ප්‍රධාන අපනයන වෙළෙඳපොළ ආරක්ෂා කර ප්‍රවර්ධනය කරමින් අපනයන විවිධාංගීකරණය සඳහා ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් සමඟ ඒකාබද්ධ වීම ශ්‍රී ලංකා රජයේ දැක්මයි. මෙරට ආර්ථිකය නඟා සිටුවමින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ගෝලීය වටිනාකම් දාමය හරහා ප්‍රධාන පාර්ශවයන් සමඟ සම්බන්ධවීම වත්මන් රජයේ අපේක්ෂාවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හවුල්කාරීත්වය වෙළඳාම සහ ආයෝජන යන දෙඅංශයෙන්ම දෙරටේ ආර්ථික වර්ධනයට ඉවහල් වේ. ප්‍රමුඛතා ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන පුළුල් ලෙස වැඩිදියුණු කිරීමේ අරමුණින්, 2023 ජූලි 29 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ETCA පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට දෙරටේම රාජ්‍ය නායකයෝ එකඟ වූහ.

ඒ අනුව ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධාන සාකච්ඡාකරු සහ වාණිජ දෙපාර්තමේන්තුවේ සම ලේකම් ශ්‍රී අනන්ත් ස්වරූප් මහතා ප්‍රමුඛ ඉන්දීය නිලධාරීන් 19 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ මෙම විස්තීර්ණ ගිවිසුම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කළහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ආයෝජන මණ්ඩලය නියෝජනය කරන ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායම, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව (NTNC), විසින් මෙම සාකච්ඡා මෙහෙයවනු ලැබීය.

භාණ්ඩ, සේවා, මූලාරම්භයේ රීති, වෙළඳ ප්‍රතිකර්ම, රේගු ක්‍රියා පටිපාටි සහ වෙළඳ පහසුකම් සැපයීම, වෙළඳාමට ඇති තාක්ෂණික බාධා, සනීපාරක්ෂක හා ශාක සනීපාරක්‍ෂක පියවර, නීතිමය සහ ආයතනික කටයුතු යන අංශ සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පැවැත්විණි. එසේම, ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙද ගිවිසුම (ISFTA) ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම සඳහා විශේෂ සැසියක් ද පැවැත්විණි.

Post Views: 3
Previous Post

DFCC බැංකුව ‘Power Breakfast’ වැඩසටහනක් සංවිධානය කරයි

Next Post

ආර්ථිකය ගොඩනැඟීම සඳහා වූ පෞද්ගලික අංශයේ යෝජනා ද අයවැයට ඇතුළත් කිරීමට අවධානය 

editor

editor

Next Post

ආර්ථිකය ගොඩනැඟීම සඳහා වූ පෞද්ගලික අංශයේ යෝජනා ද අයවැයට ඇතුළත් කිරීමට අවධානය 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

අය වැයෙන් මුහුද මැදින් පාරක්

7 November 2025
රජයේ වැටුප 30%කින් ඉහළට

රජයේ වැටුප 30%කින් ඉහළට

7 November 2025
ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

7 November 2025
2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

7 November 2025

Recent News

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

අය වැයෙන් මුහුද මැදින් පාරක්

7 November 2025
රජයේ වැටුප 30%කින් ඉහළට

රජයේ වැටුප 30%කින් ඉහළට

7 November 2025
ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

7 November 2025
2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

2028 දී ඉන්නෙත් අපි, ‍ණය ගෙවන්නෙත් අපි

7 November 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආර්ථික අස්ථාවරභාවයක් ආයි එන්නෑ

අය වැයෙන් මුහුද මැදින් පාරක්

7 November 2025
රජයේ වැටුප 30%කින් ඉහළට

රජයේ වැටුප 30%කින් ඉහළට

7 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved