• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්ගේ වාර්ෂික සැසිය කොළඹදී පැවැත්විණ

16 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්ගේ වාර්ෂික සැසිය – 2022” (Inauguration Ceremony of the Annual sessions 2022 of Special Grade Nursing Officers) සමාරම්භක උත්සවය අද (16) පෙරවරුවේදී කොළඹ ගලධාරි හෝටයේ ග්‍රෑන්ඩ් බෝල්රූම් (Grand Ballroom) ශාලාවේ දී පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැසියේ සමාරම්භය සිදු විය.

“හෙද පරිපාලන සම්මේලනය” (NAdCon 2022) වශයෙන් නම් කරමින් “සායනික විශිෂ්ටත්වයක් සදහා හෙද දැක්ම වැඩිදියුණු කිරීම” යන්න තේමා කර ගනිමින් පැවැති මෙම සැසියේ ප්‍රධාන අරමුණ හෙද ගැටළු නිරාකරණය කර ගනිමින් ඵලදායි සේවාවක් ලබාදීමට හෙද ප්‍රජාව මෙහෙයවීමයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) පී.බී සමන්මලී මහත්මියගේ සංකල්පයක් සහ මෙහෙයවීම අනුව පැවැත් වූ මෙම වාර්ෂික සැසියේ දී විශිෂ්ට සායනික සේවාවක් ලබාදීමට මූලිකත්වය ගන්නා හෙද සේවාවේ නායකයින් වන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් දිරිගැන්වීම, හෙද සේවාවේ අභීයෝග සහ ගැටළු පිළිබදව කථිකා කිරීම, සේවාවන් සහ කැපවීම් ඇගයීම මෙන්ම හෙට දවසේ හෙද සේවාව සදහා ඔවුන් හැඩගැන්වීමට කටයුතු කිරීම සෙසු අරමුණු බව හෙද අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) පී.බී සමන්මලී මහත්මිය මෙහිදී පැවැසීය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා කියා සිටියේ හෙද සේවාවට නායකත්වය දෙන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරින් වෙනුවෙන් මෙවැනි වාර්ෂික සැසිවාරයක් සංවිධානය කිරිම ඇගයීමට ලක්විය යුතු කරුණක් බවයි. ඉතාම විනයගරුකව, ශික්ෂණයෙන් යුක්තව, කාර්යශූරව කටයුතු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණු කරා ලගාවීමට කටයුතු කරන විශාලතම ශක්තිමත් කණ්ඩායමක් ලෙස ද ඔවුන් පෙන්වා දිය හැකි බව ද පැවසිය. විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරින් මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදෙන බවත්, සෞඛ්‍ය සේවාවේ කොදු නාරටිය හෙද සේවාව පෙන්වා දිය හැකි බව ද පැවැසීය. කොවිඩ් වසංගතය සමයේ සහ වර්තමානයේ රටේ පවතින විවිධ අභියෝග හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණු කරා ලගාවීමට ලබාදෙන දායකත්වය සමස්ත සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ඇගයීමට ලක් කරන බව චන්ද්‍රගුප්ත මහතා පැවැසීය.

මේ අතර මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ හෙද සේවාවේ සිටින ඉතාම වටිනාම කණ්ඩායම විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් බවයි. හෙද සේවාව ගොඩ නැගීමටත්, නැති කිරිමටත් මෙම සේවාවට හැකි බවත්, රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට ලබාදිය යුතු සේවය උපරිමයෙන් ලබා දිය යුතු බවයි. එසේම පසුගිය කාලය පුරාවටම විවිධ අර්බුද සහ වසංගත තත්ත්ව තුල විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් සිදු කළ සේවාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ඇගයීමට ලක් කරන බව ද පැවැසීය. හෙද සේවාවේ කාර්ය මණ්ඩල සදහා නායකත්වය ලබාදෙමින් හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් ඉදිරියටත් කටයුතු කරන ලෙස ද වැඩිදුරටත් පැවැසිය.

මෙරට සෞඛ්‍ය සේවාව තුල හෙද හෙදියන් 46,000 ක් පමණ වන අතර, මෙම හෙද කාර්ය මණ්ඩල සදහා නායකත්වය ලබාදෙනු ලබන්නේ 330 ක් පමණ වන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් විසිනි. ඔවුන් රෝහල්වල සමස්ත හෙද කාර්ය මණ්ඩල අතර, ඉහළම ශ්‍රේණිය ද වේ. මෙම උත්සව අවස්ථාව සදහා රෝහල් සේවා අඩපන නොවන අයුරින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් පිරිසක් සහභාගි කරගෙන තිබිණි.

විශ්ව විද්‍යාල හෙද සහ සෞඛ්‍ය විද්‍යා පිඨ වල කථිකාචර්යවරුන්, රෝහල් සහ හෙද විදුහල්හල් ප්‍රධානීන්ගේ දේශණ ද සමගින් සුවිශේෂ වූ වැඩසටහන් රැසක් ද මෙම සැසිය තුල සංවිධානය කර තිබුනි.

නව චක්‍රලේඛය සමග විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් 26 දෙනෙකු මෙම වසරේ විශ්‍රාම යාමට නියමිත අතර, එම විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්ගේ සේවාව අගයමින් ඔවුන් වෙනුවෙන් උපහාර තිළිණ සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එස් ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන, පුහුණු සහ පර්යේෂණ) වෛද්‍ය එචි.ඩී.බී හේරත්, හෙද අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) පී.බී සමන්මලී, අධ්‍යක්ෂ (හෙද අධ්‍යාපන) අශෝකා අබේනායක, හෙද අධ්‍යක්ෂ (මහජන සෞඛ්‍ය) පී.ඩී කුසුමලතා යන මහත්ම මහත්මීන් ඇතුලු හෙද විදුහල්වල නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 9
Previous Post

මන්නාරම රදගුරු හිමි ජනපති හමු වෙයි

Next Post

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යයි – ජනපති

editor

editor

Next Post

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved