• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ව්‍යාපෘති ආරම්භ කිරීමේදී අදාළ පළාත් පාලන ආයතනවල අනුමැතිය අනිවාර්යයි – ඇමති ප්‍රසන්න රණතුංග

9 July 2023
in දේශීය

නාගරික සංවර්ධන අධිකාරිය විසින් පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා නොගෙන ආරම්භ කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බලා සති දෙකක් ඇතුලතදී වාර්තාවක් ලබාදෙන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී නිළධාරින්ට උපදෙස් දී ඇත.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පළාත් පාලන ආයතන මගින් අනුමැතිය ලබා නොගෙන ව්‍යාපෘති ආරම්භ කිරීම නිසාවෙන් විවිධ ගැටළු මතුව ඇති බවයි.

එබැවින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ආයතන මගින් ව්‍යාපෘති ආරම්භ කිරීමේදී ආදාළ පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය බ්‍රහස්පතින්දා (6) වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැති නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ උපදේශන කාරක සභාව සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය ” සමහර ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා ගන්න ඕන. පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා නොගෙන ව්‍යාපෘති ආරම්භ කිරීම වැරදි වැඩක්. එතකොට මොකක් හරි වුණාම වගකීම භාර ගන්න කෙනෙක් නෑ. එතකොට විවිධ ආයතනවලට වැරැද්ද පටවලා නිකන් ඉන්නවා. එහෙම වෙන්න බැහැ. ව්‍යාපෘතියක් ආරම්භ කරන්න සාමාන්‍ය මනුස්සයෙක් ආවම ඒ මිනිහට දරාගන්න බැරි තරම් කොන්දේසි පනවනවා. මහා පරිමාණ ව්‍යාපෘතියක කොන්දේසි කඩවුණාම සමහරවිට මොකවත් කරන්නේ නැහැ. එක එක පුද්ගලයන්ට විශේෂ කරන්න බැහැ. අපි මේ කතා කරන බොහෝ ව්‍යාපෘති විවිධ කාලවල ආරම්භ කරපුවා.
නමුත් මේ ව්‍යාපෘති ගැන පසුවිපරමක් කරන්න ඕන. අපි මේවා ගැන පසුගිය උපදේශක කාරක සභාවේදිත් කතා කළා. එහිදී ගනිපු තීන්දු තීරණ තවම ක්‍රියාත්මක වෙලා නැහැ. අඩුම තරමේ උපදේශක කාරක සභාවෙදි කතා කළාමවත් මේ ව්‍යාපෘති ගැන හොයලා බලන්න. කොන්දේසි කඩකරලා තියේනම් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. මේවයේ ප්‍රගතිය හොයලා බලන්න. නිළධාරින්ගේ දුර්වලකම් නිසා රාජ්‍ය ආයතන හෑල්ලුවට පත්වෙන්න දෙන්න බැහැ. ඒ නිසා මේ ගැන හොයලා බලලා සති දෙකක් ඇතුළත මට වහාම වාර්තාවක් ලබා දෙන්න. ඒ වගේම කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ල පිහිටි ඉඩම තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක. මේක වටිනා ඉඩමක්. මේ ගොඩනැගිල්ල කිසිම කාර්යයකට යොදාගෙන නැහැ. ආයෝජකයා කොහොමහරි ගෙන්වා ගෙන මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බලන්න. මේ ගොඩනැගිල්ල නිසා මහජන පීඩාවන් ඇති වෙන්න තියන්න එපා. මෙවැනි ගොඩනැගිලි නිසා නගරය අවලස්සන වෙන්න තියන්න එපා. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන ඉඩම් නැවත අදාළ ආයතන වෙත පවරනවා. ඒ බව ලිඛිතව දැනුම් දෙනවා. නමුත් අදාළ ආයනයෙන් පිළිතුරක් ගන්නේ නැහැ. ආණ්ඩු වෙනස් වෙනවා. ඇමතිවරුන් වෙනස් වෙනවා. එතකොට අලුතින් එන අය අර පැවරුම් ගැන අහනකොට නිළධාරින් උත්තර දෙන්නේ කොහොමද?.මම කියන්නේ අපි යනකොට අනුන්ට කුණු ගොඩවල් තියලා යන්න එපා. මේ හැම දෙයක්ම ඉවර කරල යන්න ඕන යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ, අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එස් සත්‍යානන්ද මහත්වරුන් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල සභාපතිවරුන්,අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Post Views: 10
Previous Post

ජනාධිපති මන්දිරයෙන් අතුරුදහන් වී ඇති නිල ලාංඡන සොයා ගන්න සහාය වන්න – ජනාධිපති ලේකම්

Next Post

ඇල්කඩුව කලාපයේ සේවා අවශ්‍යතා වෙනුවෙන් ජංගම සේවයක්

editor

editor

Next Post

ඇල්කඩුව කලාපයේ සේවා අවශ්‍යතා වෙනුවෙන් ජංගම සේවයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved